ඇමෙරිකාවේ එදිරිවාදියකු මෙන්ම කොමියුනිස්ට් රාජ්‍යයක් ද වන කියුබාවේ නායක ෆිදෙල් කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා දීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ දැඩි විරෝධයට හේතු වී ඇත. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයේදී ඔබාමාට අභියෝගයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන රිපබ්ලිකන් අපේක්ෂකයා මිට් රොමී පවසා ඇත්තේ ඔබාමා පරිපාලනය ගත් එම තීරණය ගැන තමා කම්පනයට පත් වූ බවය. ෆිදෙල් කස්ත්‍රෝගේ දියණිය මරේලා කස්ත්‍රෝ, මානව කි‍්‍රයාකාරියක ද වෙයි. ඇය ඊයේ (23) ඇමෙරිකාවට පැමිණියේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී ආරම්භ වූ ලතින් ඇමෙරිකා සමුළුවකට සහභාගී වීමටය. මරේලා කස්ත්‍රෝ සම ලිංගික විවාහ සංකල්පය අනුමත කරන තැනැත්තියකි. ජනපති ඔබාමා ද පසුගියදා මැතිවරණ වේදිකාවක කියා සිටියේ සමලිංගික විවාහ සංකල්පය තමාද අනුමත කරන බවය. ජනපති ඔබාමාගේ එම ප‍්‍රකාශයට ද මිට් රොමීගෙන් දැඩි විවේචන එල්ල විය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාත් එහෙමද දන්නෑ ??
එහෙ තියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙන්න ඇති විරෝධය පල කරන්නේ