කාශ්මීරයේ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් අද (16) සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පස්දෙනකු මියගොස් ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් බෙදුම්වාදීන් තිදෙනකු මියගිය බවත් සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බවත් එම පුවත් සේවය වාර්තා කරයි.
සිය පරිපාලනය යටතේ තිබෙන කාශ්මීරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් ඇතිවිය. ඒ අනුව විශේෂ ආරක්ෂාවක් දෙමින් සහ සන්නිවේදන කටයුතු අවහිර කිරීමට ද ඉන්දියාව පියවර ගත්තේය. ඉන්දියාවේ ක්‍රියාමාර්ග නිසා අවස්ථා කිහිපයකදීම කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් හට ගත්තේය.
ජංගම දුරකතන ජාල ද අවහිර කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබූ අතර එම සීමා ඉවත් කිරීමට බලධාරිහු ඉකුත් දා පියවර ගත්හ. එසේ කිරීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ පළමු අවස්ථාව මෙය විය. ජම්මු හා කාශ්මීරයට ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම අයිතිවාසිකම් කියන අතර පසුගිය සමයේදී දෙරට අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද උද්ගත විය. අසල්වැසියන් වන ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික ආයුධවලට ද හිමිකම් කියයි.
(රොයිටර් ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 18
540
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 5 ක් මරුට