සිංගප්පූරු බලධාරීන් විසින් කිලෝග්‍රෑම් 8800ක ඇත්දළ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ඩොලර් මිලියන 12.8ක් පමණ වටිනා මෙය සිංගප්පූරුවේදී සොයාගත් විශාලම ඇත්දළ තොගය බව පැවසේ.
කොංගෝ රාජ්‍යයේ සිට සිංගප්පූරුව හරහා වියට්නාමය වෙත ප්‍රවාහනය කරන නැව් බඩු තොගයක මෙම ඇත්දළ තිබී ඇත.
දැව අඩංගු බව සඳහන් කන්ටේනර් කිහිපයක හොර රහසේ සඟවා රැගෙන යෑමට සැලසුම් කර තිබී ඇති අතර ඒ අතර පැංගොලා කොරපොතු ටොන් 11.9ක් ද තිබී අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
උන්ගේ කොරපොතුවලට ලොකු ඉල්ලුමක් තියෙනවා සමහර රටවල.