ඉන්දියාවේ කුලහීන රැජින ලෙස සැලකෙන මායාවතීට, මෙවර ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී, මහ ඇමැති ධුරය අහිමි වූයේ ඇය රැජිනක ලෙස ජීවත් වූ නිසා යැයි දේශපාලන විචාරකයෝ දොස් පවරති.
ප‍්‍රාන්ත සභා මැතිවරණයේ දී මායාවතීගේ බහුජන පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 80 කි. ඇය ඊයේ (8) උත්තර ප‍්‍රදේශ් ආණ්ඩුකාර බී.එල්. ජෝෂී මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපියද භාර දුන්නාය.
අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් රැජිනක ලෙස ජීවත් වූ බවටත්, ප‍්‍රාන්තයේ දිළිඳු ජනතාව පීඩා විඳිමින් සිටියදී සැපවත් ජීවිතයක් ගත කළ බවටත් මායාවතීට එරෙහිව චෝදනා එල්ල වෙමින් පවතී. ප‍්‍රාන්ත අගනුවර වන ලක්නව් නුවර පුරා මායාවතී ඇයගේ ප‍්‍රතිමා ඉදිකරමින් මහජන මුදල් නාස්ති කිරීම පවා බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක් වී ඇත.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ..