කෙළොම්බියානු ආරක්ෂක ඇමති ගිලර්මෝ බොටේරෝ සිය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.
නිති විරෝධී ඝාතන චෝදනා සම්බන්දව කොන්ග්‍රසයෙන් එළවා දැමිය හැකි බවට එල්ලවන තර්ජන හේතුවෙන් දේශපාලන බලපෑම් වැඩිවීම තමාගේ ඉල්ලා අස්වීමට හේතුව පව ඔහු පවසයි.
ව්‍යාපාරිකයෙකු වන 71හැවිරිදි බොටේරෝ පසුගිය කාලයේ දරුණු ලෙස අපකීර්තියට පත්වූ බව මාධ්‍ය සඳහන් කරයි.
හමුදාව විසින් මෑතකදී සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් ළමුන් මියගිය බවට තොරතුරු වසන් කළේයැයි පසුගිය සතියේ සෙනෙට් සභිකයෙක් ඔහුට චෝදනා කළේය .
විරුද්ධවාදීන් පවසන්නේ හිටපු ෆාර්ක් සටන්කාමීන් දෙදෙනකු හමුදාව විසින් ඝාතනය කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැඩිවීමක් ද බොටේරෝ සිය තනතුරට නුසුදුසු බව පෙන්නුම් කළ බවයි.
"දේශපාලන වාතාවරණය ගැන සුදුසු කියවීමක් තිබීම ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ යුතුකමයි. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා" යැයි බොටේරෝ ට්වීටර් පණිවුඩයකින් පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
270
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
405
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොලොම්බියා ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි