අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටන ක්ෂීරපථයේ ඇති සූර්යයා හා සමාන වෙනත් තරු අනාගතයේ මිනිසාට භයංකර ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි විද්‍යාඥයෝ මත පළකරති.
අලූතින්ම අනාවරණයවී ඇති තොරතුරු වලට අනුව මේ තරු අප සෞරග්‍රහ මණ්ඩලයට ඇදී එමින් තිබීම හා ඒවායේ ගුරුත්ව බලයට හසුවුනු සෞරග්‍රහ මණ්ඩලයේ විසිර පවතින විවිධ පාෂාණයන් ග්‍රහලෝකයන් කරා ඇදී එමින් පවතින සෙයක් හඳුනාගතහැකිව තිබීම මෙසේ මත පළ කිරීමට හේතුවයි.
විද්‍යාඥයින් පවසන්නේ එසේ ඇදී එන පාෂාණයක් පෘථීවිය දක්වාම පැමිණ එහි ගැටීමට තවත් වසර ලක්ෂ දෙකක් පමණ ගතවනු ඇති වුවත් අභ්‍යාවකාශයේ සන්සිද්ධීන් නීර්ණය කිරීමට යොදාගන්නා ආලෝක වර්ෂ වලින් සැළකූ විට එය ඉතා සුළු කාලයක් වන බවයි.
විනාශකාරී විය හැකි තරුවක් දැනටමත් හඳුනාගෙන තිබෙන අතර එය එච්.අයි.පී 85605 ලෙස නම් කර ඇත.එහි ගමන්මගෙහි වෙනස් වීම සැළකිල්ලට ගෙන ඇති විද්‍යාඥයින් එය තවත් වසර ලක්ෂ 2 කින් පමණ සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්මට තර්ජනයක් එල්ල කරනු ඇති බව පවසයි.
කෙසේ නමුත් අප කෙතරම් ආරක්ෂිතද යන්න නියත වශයෙන්ම දැනගැනීමට නම් තවත් දත්ත අවශ්‍ය බව ඔවුන් පිළිගනී.
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ ගයියා අභ්‍යාවකාශ නිරීක්ෂක යානය තම මෙහෙයුම වන ක්ෂීරපථයේ ඇති තරු බිලියන ගණනක් සිතියම් ගත කිරීම 2016 වසරේ අවසාන කළ පසු එම දත්ත ආධාර කරගෙන අප ඉරණම කවර ලෙසක තීරණය වනු ඇත්දැයි වඩා නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.



COMMENTS
කවුරුවත් මෝඩ අදහස් දාන්න එපා. බුද්ධිමත් අදහසක් පවසන්න. (නි)
මිනිස් ජීවිත තණ අග පිනි බිදුවකි. වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තුන් හිතින්ම දුරස්කර සියලු මනුස්සයන්ටත් සතුන්ටත් මෛත්‍රී කරන්න.ලොව විනාශ වුවත් ඔබ සදාකාලික ජීවත්වනු ඇත (නි)
දැන්නම් එළියට බහින්නත් බයයි (නි)
ඔය ටික මේ විද්‍යාඥයෝ දැන් කිව්වට අදින් අවුරුදු 2600 කට විතර ඉහත අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සුත්‍රයේ ඔය අනාගතයේ වෙන විනාශකාරී සිද්ධිය බොහොම පැහැදිලිවම දේශනා කරලා තියනවා. (නි)
වසර ලක්ෂ දෙකක් කියන්නේ කාලයක්. ආලෝක වර්ෂ කියන්නේ දුර මනින ඒකකයක්. මේ දෙක සංසන්දනය කරන්නේ කොහොමද? (නි)
දෙවියනේ !
සඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ!!! (නි)
කිරි සයුරේ රැල්...උතුරන හස රැල්..(හේ)
ෂෙහාන් කියනවා එළියට බහින්නත් බයයි කියලා. ඇතුළේ හිටියා කියලා බේරෙන්න පුලුවන්ද? (නි)
බුදුහාමුදුරුවෝ විශ්වයේ අවධි 4 ක් ගැන දේශනා කරනවා.සංවට්ටමාන ,සංවට්ට,විවට්ටමාන , විවට්ට... මේක සංවට්ටමාන අවධිය.ඒ කියන්නේ සංකෝචනය වෙන කාලය.ඒක සංවට්ට තත්වයට ඇවිල්ලා ආපහු ප්‍රසාරණ අවධියට ඒ කියන්නේ විවට්ටමානයට පත්වෙනවා.මේක වෙනස්වීමේ ලෝක ස්වාභාවය විශ්වයටත් අදාළවීමක්.බයනොවී ඉන්න.බුදු බණ බොරුවෙලා නැහැ. (නි)
හේතුව නිසා හටගත් සියළුම ඵලයන් හේතූන් නැතිවීම මත විනාශයට පත් වේ. ඒ බව නොඅදහන සමාජය විපරීත වී ඇත. අද මිනිස්වර්ගයාගේ ක්‍රියාකරකම් මත පෘතුවියේ විනාශය මේ මොහොතේ වූවද සිදුවිය හැක. බල තණ්හාවෙන් මත් මනසින් නොදියුණු මිනිසා තරම් පෘතුවියට අහිතකර වෙනත් දෙයක් හෝ කෙනෙක් නොමැත. කවදා හෝ මිනිසාගේ විනාශය මිනිසා විසින්ම උදාකරගනු ඇත.(හේ)