(බීබීසී පුවත් ඇසුරිණි - 085)
බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපතිනි පාර්ක් ගුවෙන් හේ ඇගේ පාලන කාලය තුළ කෙරුනු අල්ලස් හා දූෂණ ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත. අධිකරණ නියෝග මත ඇය සියොල් නගරයේ දකුණු දිග පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පෞද්ගලික ව්‍යාපාරික ආයතන වලින් අල්ලස් ලෙස මුදල් ලබා ගැනීම සඳහා ඇගේ හිතවතියක වන චොයි සූන් සිල්ට අවසර දීම සම්බන්ධයෙන් හිටපු ජනපතිනියට විරුද්ධව චෝදනා ගොනුකර තිබේ.
මීට පෙර දකුණු කොරියාවේ ජනාධිපතිවරුන් දෙදෙනකුද සාපරාදී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .
ලංකාවේ කලොත් එහෙම දේශපාලන පලිගැනීම් වෙනවා නේ.