IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට සුදානම් යැයි දකුණු කොරියා ජනපති කියයි

සෝල්හිදීය (රොයිටර්)
 
සියලු න්‍යෂ්ටික අවි, උපකරණ සහ වැඩබිම් ඉවත් කරමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ලක් කිරීමට උතුරු කොරියානු නායකයා අදහස් කරමින් සිටින්නේ යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අද (12) පැවැසීය.
 
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ලක් කරන බව ප්‍රකාශ කර අතර එහිදි නායකයන් දෙදෙනා අතර එකඟතාවක් ද ඇති කරගන්නා ලදි. 
 
එහෙත් සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයක් ළඟා කරගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් එහිදි නිශ්චිතව ප්‍රකාශ නොකෙරුණි. 
 
එම සාකච්ඡා වලින් පසු සාධනීය වෙනසක් නොවුණු අතර උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ නැති බව ද කීවේය. එමෙන්ම න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කිරීම ද ප්‍රතික්ෂේප කළේය.
 
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ වසරේ මේ දක්වා කාලයේදී උතුරු කොරියානු නායකයා තෙවරක් මුණ ගැසුණු අතර හෙතෙම අවසන් වරට පසුගිය මාසයේදී උතුරු කොරියා නායකයා මුණ ගැසුණි.
 
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් ඇත්හැරීමට සූදානමින් සිටින බවත් නායක කිම් ජොන්ග් උන් ඒ වෙනුවෙන් පූර්ණ අවධානය යොමු කර ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවැසීය. 
 
උතුරු කොරියාව සහ නායක කිම් ජොන් උන් ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බව කී ජනාධිපති මූන් ජේ ඉන් ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධකවලින් ගැලවීමට වුවමනා වී ඇතැයි ද කීය. 
 
“සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයක් ළඟා කරගැනීමට උතුරු කොරියානු නායකයාට අවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව දැනට තිබෙන සියල්ල අත්හැර දැමීමටත් ඉදිරියේදී කිසිදු න්‍යෂ්ටික හෝ මිසයිල හෝ අත්හදා බැලීමක් නොකිරීමටත් ඔහු තීරණය කර තිබෙනවා.  දැනට තිබෙන න්‍යෂ්ටික අවි, මිසයිල, උපකරණ හා වැඩබිම් සියල්ල ඉවත් කිරීමටත් ඔහුට අවශ්‍ය වී තිබෙනවා” යැයි ජනාධිපති මූන් ජේ ඉන් පැවැසීය.  
 
උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා අතර අවසන් සාකච්ඡාව පැවැතියේ පියොන්යැන්ග්හිදීය. න්‍යෂ්ටික වැඩබිම් අක්‍රීය කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන්ට ආරාධනා කිරීමට උතුරු කොරියාව සූදානම් යැයි එම හමුවෙන් පසුව දකුණු ජනාධිපතිවරයා කීවේය. 
 
 
055



අදහස් (0)

කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට සුදානම් යැයි දකුණු කොරියා ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site