චීනයේ වූහාන් නගරයෙන් , එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැමිණි පවුලකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය අද (29) නිවේදනය කළේය.
කොරෝනා වයිරසය පිළිබඳ සිදුවීමක් මැද පෙරදිගින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.
“චීනයේ වූහාන් නගරයෙන් පැමිණි පවුලකට කොරෝනා වයිරසය ආසදානය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිවේදනය කළේ” යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය පුවත් සේවය වන ‘ඩබ්ලිව්.ඒ.එම්’ පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ නමුත් වයිරසය කොතරම් පිරිසකට ආසාදනය වී ඇත්ද යන්න එම පුවත් සේවය වාර්තා කර නොතිබිණි.
“වයිරසය ආසාදනය වූ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරයි. ඔවුන් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙනවා” යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ඒ.එෆ්.පී.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd