ඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂ නායක හා හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි අසනීප වූ කරුණානිධි සති තුනක් ඇතුළත එසේ රෝහල් ගත කරනු ලැබූයේ දෙවැනි වතාවටයි.

චෙන්නායි නුවර රෝහලකට ඇතුළු කරනු ලැබ සිටින කරුණානිධි 92 වැනි වියේ පසුවෙයි.

ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය දිනවල ද රෝහල්ගත කරනු ලැබ සිටියේය. 2010 වසරේ සිට ආබාධිත තත්ත්වයට පත්ව සිටින හිටපු තමිල්නාඩු මහ ඇමැතිවරයා රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කරමින් පසුගිය ඡන්ද ව්‍යාපාරයට ද සක්‍රියව දායක විය.