සෙල්ලම් කරන තරමට ආලෝකය ලැබෙන අපූරු පාපන්දු පිටියක් බ්‍රසීලයේ රියෝදි ජැනයිරෝ නගරයේ පසුගියදා විවෘත විය.
විවෘත කිරීම නිමිත්නේ පැවැති පාපන්දු තරගයේදී ක්‍රීඩකයෝ උද්වේගකරව තරග වැදෙද්දී ඒ හා සමානව පිටියේ විදුලි පහන් වල එළිය අඩු - වැඩි වනු,ඔවුන් තරග වැදීම නවත්වා විවේක ගන්නා විට විදුලි පහන් නිවී යනු දැකගත හැකිවුනි.
මෙම අරුම පුදුම පාපන්දු පිටිය ගැන පැහැදිලි කරනා එහි නිර්මාපකයින් පවසන්නේ පාපන්දු පිටියේ තණතිල්ලට යටින් ඇති විශේෂ ගඩොල් වර්ගයක් මෙයට හේතුවන බවයි.
මෙම ගඩොල් වල කුඩා විදුලි උත්පාදක යන්ත්‍රයක් හා ඒ හා සම්බන්ධ කෙරුණු ලීවර පද්ධතියක් ඇති අතර ගඩොල මත කිසිවෙකු පය තැබූ විට ලීවර ක්‍රියාත්මක වී විදුලි උත්පාදන යන්ත්‍රය කරකවයි.
එක් එක් ගඩොලෙන් නිපදවෙන විදුලිය එකතු කර මෙසේ පිටිය ආලෝකමත් කිරීමට යොදාගෙන ඇති බව නිර්මාපකයින් කියයි.
ක්‍රීඩා කරන තරමට පිටිය ආලෝකමත් වන්නේ මේ නිසාය.
මෙවන් විශේෂ ගඩොල දැනටමත් ලොව බොහෝ රටවල භාවිතා වන අතර ඉදිරියේදී මුළු නගරයක් පවා ආලෝකමත් කිරීමට මේවා යොදාගත හැකිවනු ඇතැයි මත පළවී තිබේ.
පිටිය විවෘත කිරීමට සහභාගීව සිටි හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන පේලේ විද්‍යාව හා ක්‍රීඩාව මෙසේ එකට එක්වී තිබෙනු බ්‍රසීලයේ තරුණ පරම්පරාවට සියැසින් දැකගැනීමට අවස්ථාව ලැබී තිබීම මහඟු දෙයක් බව පැවසීය.
අනාගතයේදී බ්‍රසීලයෙන් සුපිරි ක්‍රීඩකයින් මෙන්ම මුල් පෙලේ විද්‍යාඥයින්ද බිහිවේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ඔහු කීය.


COMMENTS
එදා පෘතුගීසීන්ගේ යටත් විජිතයක්ව පැවති බ්‍රසීලය අද කොහොමද දියුණුවේ තරම? ලෝකයේ තුන් ජාතියක් අපේ රට අල්ලාගෙන සිටියත්,දුශිතයින්ගේ කුහක සිතුවිලි නිසාම අපේ රට ඉදිරියට යාමට නොහැකිවීම කණගාටුවට හේතුවක් ! (නි)