පාකිස්තානයේ කරච්චි නුවර වෙළෙඳපොළක ඊයේ (19) බෝම්බ දෙකක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 6 දෙනෙක් ඊට බිලිවූහ. විසි පස්දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය පිරිස අතර නව හැවිරිදි කුඩා දැරියක ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බෝම්බ පුපුරා ගියේ හයිදේරි නමැති වෙළෙඳපොළේය. පළමු බෝම්බය පුපුරා මිනිත්තු තුනකින් දෙවැන්න පුපුරා ගොස් ඇතැයි කරච්චි නුවර පොලිසිය පවසයි.
බෝම්බ පුපුරා යද්දී හයිදේරි වෙළෙඳපොළ ජනතාවගෙන් පිරී තිබුණු බවද කරච්චි පොලිස්පති ඉක්බාල් මෙහ්මූද් පවසයි.
එක් බෝම්බයක් කසළ බඳුනක ද අනෙක රථ ගාලකද අටවා තිබූ බව පොලිස්පති වැඩි දුරටත් කියා සිටී. ප‍්‍රහාර ගැන පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී.
බෝම්බ ප‍්‍රහාරවලින් වෙළෙඳසල් සහ මෝටර් රථ කිහිපයකට බරපතළ හානි සිදුවී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් කරා ගෙන ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැත. එය තලේබාන් හෝ වෙනත් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයක් හෝ එල්ල කළ ප‍්‍රහාරයක් යැයි පොලිසිය විශ්වාස නොකරයි.
කරච්චි නුවර ආගමික සහ දේශපාලන ගැටුම් බහුලය. ඊයේ සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාර සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික ගැටුමක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන මොහොත මාගේ ලෝක විනාශය දෑස මානේ.... (නි)
මධූ මේක කියෙව්වේ නැද්ද , මට අද මධූගේ අදහස් කියවන්නත් ආසයි.(ස)
දවස ගානෙම කට්ටියට ලොතරැයි ඇදෙනවා...(ස)