වැඩිපුර කෝපි පානය කරීම දියවැඩියා රෝගයෙන් මිදීමට හේතුවක් බව පර්යේෂකයෝ කියති. දිනකට කෝපි කෝප්ප 1 1/2 ක් වැඩිපුර පරිභෝජනය මගින් දෙවන ගනයේ දියැවඩියාව වර්ධනය වීම සියයට 11න් අඩුකර ගත හැකිබව කියති.
හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආචාර්ය ෆ්‍රෑන්ක් හු සහ ආචාර්ය ශිල්ප බූපතිරාජු කෝපි පරිභෝජනය මගින් දියවැඩියාවටවන වෙනස්කම් පිළිබඳ ඇති සම්බන්ධය සොයා බැලීය.
වයස අවුරුදු 25-75 දක්වා කාණ්ඩවල දත්ත විශ්ලේෂණය කරන ලදී. පර්යේෂණයට බදුන් වූවන්ගේ භෝජනය, ජීවන තත්ත්වය, සෞඛ්‍ය සම්පන්න බව සහ වෙනත් පවතින නිදන්ගත රෝග පිළිබඳ විස්තරාත්මක තොරතුරු සෑම වසර දෙකේ සිට හතර දක්වා වසර 20ක් තිස්සේ එකතුකැර ඇත.
මේ අධ්‍යයනට සහභාගී වූ අය ඔවුන් දිනකට පානය කරන කෝපි ප්‍රමාණය කෝප්ප එකකින් හෝ දෙකකින් අඩුකළ විට දෙවන ගනයේ දියවැඩියා තත්ත්වය පිළිබඳ අනතුර සියයට 17න් වැඩි වූ බව සොයා ගෙන තිබේ.
දිනකට කෝපි කෝප්ප තුනක් හෝ ඊට වැඩියෙන් පානය කරන ලද අයගේ දියවැඩියා අවදානම අවම වී තිබේ. මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු යුරෝපීය දියවැඩියා අධ්‍යයනය පිළිබඳ ඩබෙටලොජියා නමැති සඟරාවේ ප්‍රසිද්ධ කැර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ බව දැනගෙන නොවෙයි, දිනපතා කෝපි කෝප්ප හයක් විතර බොනවා. කෙසේ නමුත් මගේ ලේ පරික්ෂා කිරීමේදී සීනි තත්වයක් ඇත්තෙම නැහැ.මගේ සහෝදරයන් දෙදෙනෙකුට ලේ වල සීනි තත්වය සෑහෙන්න වැඩියි.ඔවුන් කෝපි පානය නොකරන තරම්. (ස)
පද්මිණි කියන දේ හරි.සතියකට වතාවක් හරි කරවිල කනවා නම් දියවැඩියාව හැදෙන්නේ නැහැ කියල පැරැන්නෝ කියනවා. හැබැයි තිත්ත ඉවත් නොකර.බය නැතිව පැණිරස කන්න ඊළඟ වේලට අනිවාර්යෙන් කරවිල කන්න. සතියකට වරක් සුදුලුනු පිස කන්න පුළුවන් නම් කරපිංචා කොළ කැඳ බොන්න. සතියකට වරක් ව්‍යායාම කරන්න. කම්මැලි නම් වොල්නුට්ස් තුනක් කන්න. කිසිම ලෙඩක් නැහැ ශරීරයේ අනවශ්‍ය මේදය නැහැ. ජීවිතය හොඳින් විඳින්න.(නදී)
මමත් අහලා තියෙන්නේ දිනකට කොපි කෝප්ප 2 ට වඩා බොන එක එතරම් හොඳ නැහැ කියලයි. වෙන වෙන අතුරු ආබාධ ඇතිවිය හැකියි.(දී)
ජපානෙ බහුතර මිනිස්සු වතුර වෙනුවට කෑම කාලා බොන්නේ ග්‍රීන් ටී. වතුර බොනවා හරි අඩුයි. වතුර ගණන් ග්‍රීන් ටී බෝතලයකට වැඩිය. හැබැයි ඉතිං ලෝකේ වැඩිම ආයුෂ හා ලස්සනම කිරිගරුඩ වගේ හම.(නදී)
හොද පුවතක් (දී)
ලංකාවේ නම් කෝපි බොන්ට ඕනේ නැහැ. කරවිල තියෙන්නේ සතියකට දෙතුන් වතාවක් සලාද හදල කන්න. ඕනෑම තිත්ත කෑමක් දියවැඩියාවට ගුණයි. (දී)
රණතුංග , වැඩිපුර කෝපි බොන එකත් හොඳ නැහැ , හදවතට හානි වෙන්න පුළුවන් (දී)
බටහිර යුරෝපයේ එංගලන්තය හැරුනම අනික් සියලුම රටවල උදේ සිට සවස් වන තුරුම බොන්නේ කොපි . ඉතා කලාතුරකින් කෙනෙක් තමා තේ බොන්නේ. (ස)
ඕස්ට්‍රේලියානුවන් තදින්ම කෝපි පානයට ඇබ්බහි වුවන් ඔවුන් බොන්නේ සීනි නැති තද කළු කෝපි පමණි. ඔවුන්ට දියවැඩියාව නැති බව ඇත්ත. නමුත් හදවත් රෝග සහ පිලිකා රෝග වැඩියි.(නදී)
කෝපි තමා ලෝකේ හොඳම බීම. (ස)
කැනඩාවේ මිනිස්සු කෝපි බොන හැටියට එහෙනම් කාටවත් දියවැඩියාව නැති වෙන්න ඕනා. ඔය පර්යේෂණ ටික දවසකින් වැරදියි කියයි. ග්‍රීන් ටී තමයි හොඳ.(නදී)
කිසිම දෙයක් ප්‍රමාණය ඉක්මවා යන්න හොඳ නැහැ. මැදුම් පිළිවෙත අනුගමනය කළා නම් හරි. ඕවා අපිට දේශනා කරලා තියෙන්නේ අවුරුදු 2560කට කලින් (නි)
වැඩියෙන් කෝපි පානය කලාම ඇග වේළුම් කනවා කියන්නේ ඇත්තද?එතකොට කෝපි වලිනුත් දියවැඩියාව පාලනය කරගතහෙකිද? (දී)
මටත් දෙවැනි ප්‍රමාණයේ දියවැඩියාව තියෙනවා කොපි බොන්න ඕනේ (දී)
දිව ඔසුවක් (දී)
ලංකාව ඉන්දීය වගේ රටවල වැඩිපුර කොපි බොන අයගේ සම තද කළු පහ වෙනවා කියල මම අසා තිබෙනවා.(දී)
කෝපි බිව්වම උදේට ආඩම්බර බලන්න වෙනවා. (ස)
ප්‍රදීප් කියන දේ හරියටම හරි .මැදුම් පිළිවෙත තමයි බොහෝ දේවල් වලට අනුගමනය කළ යුතු වන්නේ.(දිල්)
නියමයි (දී)
මගේ වෘත්තීය දැනුම අනුවත්,පර්යේෂණ වල දැනුම අනුවත් කෝපි පානය කිරීම නිරෝගිකම සඳහා ඉතාම හොඳ පුරුද්දක් සහ බෙහෙතක්.අතුරු ආබාධ නොමැති තරම්.මිග්රේන් සහ ආමාශයේ තුවාල තිබෙන පුද්ගලයන් හැරෙන්නට ක්‍රීඩා කරන්නන් හට වඩාත් හොඳයි.හෘද රෝග තිබෙන රෝගීන්ට වුවත් හොඳයි. (නි)