අප ගන්නා ආහාර වල ඇති කෙඳිති සහිත ආහාර දිරවීමේ දී එමගින් ආහාර රුචිය මර්ධනය කරන ඇසිටේට් නැමැති සංයෝගය නිදහස් කරණු ලබන බව බ්‍රිතාන්‍ය පර්යේෂණයකින් සොයාගෙන ඇත. යුරෝපියයන් දිනකට ගන්නා කෙඳි සහිත ආහාර ප්‍රමාණය අවුන්ස භාගයකට සීමා කර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ආදි ගල් යුගයේ විසූ අපේ මුතුන් මිත්තන් ආහාරයට කෙඳි ගෙන ඇත්තේ ඒයිනුත් 1/7 ක ප්‍රමාණයක්ය.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ලංඩන්හි ඉම්පීරියල් කොලේජ්හි හි ග්රේ ෆ්‍රොස්ට් පවසන්නේ අපේ එලවලු වලින් මාංශජනක ආහාර සහ කෙඳි අඩු ආහාර නිපදවීටම උදවු වන බවයි.
ආහාරයේ ඇති කෙඳි අන්ත්‍රයේදී ජීර්ණය වු විට ස්වාභාවික ලෙස ඇසිටේට් නැමැති සංයෝගය මුදා හැරේ. පසුව මේවා මොළය වෙත ගමන් කරණ අතර එහිදී අප ගන්නා ආහාර ප්‍රමාණය නවත්වන ලෙස සංඥාවක් මගින් අපට දැනුම් දෙනු ලබන බව ස්වාභාවික සංනිවේදන සඟරාවේ වාර්තාවක දක්වා තිබේ. මෙම සොයා ගැනීම හේතුවෙන් ඇසිටේට් අන්තර්ගත පෙති නිපදවීම හෝ සාමාණ්‍ය ප්‍රමාණයට වඩා ඇසිටේට් වැඩි ප්‍රමාණයක් නිපදෙවන කෙඳිති සහිත සුපිරි ආහාර නිපදවීමට පටන් ගෙන තිබේ.
මෙහි අර්ථය නම් මිනිසුනට ඇසිටේට් මගින් තම ආහාර වේලේ විශාල වෙනස් කම් නොකර ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි. බ්‍රිතාන්‍යයන්ගෙන් ජනගහනයෙන් 2/3ක් පමණ ශරීරයේ බර වැඩිබවින් හෝ සථූලතාවයෙන් යුක්තය. මේ නිසා ස්ථුලතාවය නවත්වා ලීම සඳහා නව ක්‍රමවේදයන් සෙවීම හදිසි අවශ්‍යතාවයක් වි තිබේ. කෙඳි බහුල ආහාර ලෙස පොත්ත සහිත ධාන්‍ය පිටි, නිවුඩු සහල්, පලතුරු සහ එළවළු, බෝංචි සහ පරිප්පු ප්‍රකටය. මීට ඉහතදී කරණ ලද පර්යේෂණ මගින් පෙන්වා දි ඇත්තේ කෙඳිතිමය ආහාර මගින් පෙනහලු වල ප්‍රදාහ තත්වය අඩුවී ඇදුම රෝගයෙන් ආරක්ෂා කරණ බවයි. තවත් කරුණක් නම් කෙඳි ආහාර ගැනීමෙන් හෘදයාබාධ සහ ඇතැම් පිළිකා විශේෂයෙන් ගුදමාර්ගයේ පිළිකාවලට ඇති අවදානම අඩුකරණ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කැවත් පරිස්සම් කට නිරෝගී කරයි.(නදී)
මම මේක දැනගත්තේ අදයි (නි)
නව වෛද්‍ය සොයා ගැනීම් කියෙව්වාම පිස්සු හැදෙනවා. කන්නේ මොකක්ද නොකන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. හොඳම දේ තමයි අපේ අම්මා අපට කැවු විදියටම දිගටම කන එක. (ස)
ආරෝග්‍යා පරමාලභා !!!!(අ)
අපේ රටේ කෑම ඉතා හොඳයි, වස විස පොහොර නැතුව කන්න තිබුනා නම්. (නි)