
කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා කෙන්යාවේ පනවා තිබෙන රාත්‍රී ඇඳිරි නීතිය තවත් දින 30ක් දක්වා දීර්ඝ කිරීමට ජනපති උහුරු කෙන්යාටා මහතා නියෝග කර ඇත.
පුද්ගලයින්ගේ සමාජ හෝ දේශපාලන ස්ථාවරය නොතකා ඇඳිරි නීති නියෝග තදින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලිසියෙන් ඉල්ලා තිබේ.
අවන්හල් වල මත්පැන් අලෙවිය ද තහනම් කර තිබේ.
කෙන්යාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 17,975ක් වාර්තා වී ඇති අතර මරණ 285ක් සිදුවී තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා (26) ප්‍රකාශ කළේ තවත් රෝගීන් 960ක් වාර්තා වී ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd