හෙරොයින් කිලෝ 1100ක් සමග පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඕස්ට්‍රේලියා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකුද සිටින බව එරට මාධ්‍ය කියයි.
ඕස්ට්‍රේලියා පොලිසිය අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය බව එරට පොලිසිය කියයි.මින් කිලෝ 500ක් සිඩ්නි නුවර බෝට්ටුවක තිබී සොයාගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට තිබු බව කියන කිලෝ 600ක් ටහිටි දූපතෙන් සොයාගෙන ඇත.මේවා දකුණු අප්‍රිකාවෙන් ගෙනෙන්නට ඇතැයි බලධාරීහු සැක කරති.
මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රට තුළට ගෙන ඒමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත ඔවුන්ට එරෙහිව නඩු ගොනු කැරිණි.ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වනු ඇතැයි බලධාරීහු කියති.මෙම ජාවාරම වැටලීම සඳහා සිදු කැරුණු මෙහෙයුමට වසර දෙකක පමණ කාලයක් ගත වූ බවද බලධාරීහු පවසති.
(ඡායාරූප-ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තාන් ඇෆ්ගනිස්ථාන් සරණාගතයෝ ගිහිල්ලා කුඩු ව්‍යාපාර පටන්ගනීවී ඔස්ට්‍රේලියාවෙත්. (බ)