කටාර් රාජ්‍යය තුළ හමුදා කඳවුරක පිහිටුවීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි ව තිබේ. මෙම කෙටුම්පත මුලින්ම සකස් කර ඇත්තේ මැයි මාසයේ වූ අතර ගල්ෆ් කලාපය තුළ ඇති වී තිබෙන නව අර්බුදයත් සමඟ එය නැවතත් විවාදයකට ගැනීමට පාලක පක්ෂය කටයුතු කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විවාදයක් ඊයේ (6) තුර්කි පාර්ලිමේන්තුවේදී පැවැති අතර කටාර් රාජ්‍යය තුළ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 240 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර පාලක ඒ.කේ පක්ෂයේ සහ ජාතිකවාදී විපක්ෂය වන එම්.එච්.පී පක්ෂයේ සහාය ඊට හිමිවිය.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා නවතා දැමීමට තීරණය කිරීමත් සමඟ කටාර් රාජ්‍යයේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවල හිඟයක් නිර්මාණය වූ අතර එම හිඩැස පිරවීමට කටයුතු කරන බව ද තුර්කිය නිවේදනය කළේය. කටාර් රාජ්‍යයට අවශ්‍ය දේ අපනයන කිරීමට සූදානම් බව තුර්කියේ අපනයන සංගමයේ ප්‍රධානී මෙහෙමත් බුයුකෙක්සි පැවැසීය.
කටාර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන් දුරකතනයෙන් කටාර්, රුසියා, කුවෙට් සහ සෞදි අරාබියානු නායකයන් සමඟ සාකච්ඡා කළ බව එරට ජනාධිපති ආරංචි මාර්ග සඳහන් කළේය.
අල් ජසීරා ඇසුරිනි 055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.