කැනඩා පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ පළමු දෙමළ සභිකයා වන නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ මන්ති‍්‍රනී රාධිකා සිත්ස්බයේසන් තම පළමු කතාවේදීම කොටි මහ විරු දිනය ඉතා සුවිශේෂ දිනයක් බව සඳහන් කිරීම අරබයා අදහස් පළ කර ඇති කැනඩා පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධ ඇමති ස්ටීවන් බ්ලැන්ලි, නව මන්තී‍්‍රනී රාධිකා ත‍්‍රස්තවාදී සබදතා ඇති සංවිධානය වලින් ඡුන්ද දිනා ගැනීමට වෑයම් කිරීම අත්හළ යුතුව ඇතැයි පවසා තිබේ.
රාධිකා සිත්ස්බයේසන් ශී‍්‍ර ලංකාවේ උපන්නියක වන අතර ස්කාර්බොරෝ - රෝග් රිවර් ප‍්‍රදේශය නියෝජනය කරමින් නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂය යටතේ කැනඩා පාර්ලිමෙන්තුවට පත්ව සිටින්නීය.
කොටි මහවිරු දිනය යනු විවිධ භීෂණකාරී කි‍්‍රයාවල නියුතුවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමටත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රතිරූපය තවත් පුම්බා ගැනීමටත් පැවැත්වුනක් බව සඳහන් කර ඇති ඇමතිවරයා එල්.ටී.ටී.ඊ ය තහනම් කර ඇති කැනඩාවේ,විශේෂයෙන් කැනඩා පාර්ලිමෙන්තුවේ එම සංවිධානය සමරන්නට යෙදුණු දිනයක් ගැන ප‍්‍රශංසා මුඛයෙන් අදහස් පළ කිරීම කිසිසේත්ම සිදුනොවිය යුතුව තිබුණක් බව කියා ඇත.
තමන් මන්තී‍්‍රනි රාධිකාගේ ප‍්‍රකාශයෙන් දැඩි කම්පාවටත්,පිළිතුලටත් පත්වූ බව ඔහු පවසා තිබේ.
ඇය එතැනින් නොනැවතී කොටි මහවිරු දිනය කැනඩාවේ වසරක් පාසා සැමරෙන කැනඩා විරුවන්ගේ දිනයට සමාන කරමින් අදහස් පළ කිරීම ඇය එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්නියක් බව හොඳීින්ම පෙන්වන්නක් යැයිද සඳහන් කර ඇති ඔහු ඇයගේ එම අදහස් වලට තමන් දැඩි විරෝධය දක්වන බවද කියා තිබේ.
ඇය තම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමස්ථ කැනඩා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුව ඇතැයි ඔහුගේ අදහසයි.
ඇමතිවරයාගේ චෝදනා වලට පිළිතුරු ලෙස ඊමේල් පණිවුඩයක් යවා තිබෙන මන්තී‍්‍රව රිය එහි සඳහන් කර තිබෙන්නේ තමන් එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී නොසිටි බවයි.යුද්ධය නිසා පවුලේ සාමාජිකයින් අහිමිවී,හිතවතුන් අහිමිවී දුක්විදින සමස්ථ දෙමළ ප‍්‍රජාව හා සාමය ඇතිකිරීමට ඇපකැප වී කටයුතු කරන පුද්ගලයින් නියෝජනය කරමින් තමන් එය සඳහන් කළා මිස එයින් තමන්ට ලැබෙන වාසියක් නොමැති බව ඇය තම පණිවුඩයේ දක්වා ඇත.
ඇයගේ ප‍්‍රතිචාරය එබදු වුවත් කොටි මහවිරු දිනය යෙදී තිබුණු පසුගියදා කැනඩාවේ තරුණ දෙමළ සංගමයට අයත් ෆේස්බුක් පිටුව කොටි ධජය වටා එක්රැුස්ව සිිටින කාකි ඇදුමින් සැරසී අවිගත් පුද්ගලයින් පිරිසකගේ ඡායාරූපයකින් සැරසී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ කට්ටියත් අපේ කට්ටිය වගේමනේ. පාර්ලිමේන්තුවට යවන්නේ නුසුදුස්සෝ. (නදී)
කැනඩාවේ සිටින සියයට අනුවක් පමණ දමිළයන් කොටි සංවිධානයේ හෝ එයට සහයෝගය දක්වන අය , ඔවුන්ගේ චන්දයෙන් පත් උන මෙම මන්තී‍්‍රනී රාධිකා ඔවුන්ගේ අවදානය සහ ආදරය ගෙනිමට කල ක්‍රියාවක් . මෙයට විරුද්ද දමිළයන් සුළු කොටසක් කැනඩාවේ සිටිනවා , ස්කාර්බරෝ හරියට යාපනය හෝ චෙන්නායි වාගේ (බ)
ලංකාවේ පාර්ලිමේන්තුවෙත් කොටි ඉන්නේ ඕක මොකක්ද ? (නදී)
අරුණ..දුශාන්..මෙහෙ පාර්ලිමේන්තුවේ කොටි සාමාජිකයන් හෝ ඔවුන්ගේ අතකොලු සිටිනබව ඇත්ත.හැබැයි ඔවුන් නමට හෝ බෙදුම්වාදයට විරුද්ධ වූ අපේ ව්‍යවස්ථාව පිළිගත් අය.නමුත් කැනඩා මන්ත්‍රීවරිය ඍජුවම කොටි මතය දරන්නියක්.යමෙකු කොටි සංවිධානයෙන් වෙන්වී බෙදුම්වාදයට එරෙහි වෙනවානම් ඔහුට මේ රටේ කැමති ආකාරයකින් කටයුතු කිරීමේ නිදහස තියෙනවා. (අ)
අරුණගේ කටේ මසුරන් දමන්න ඕනේ. මෙහෙ වාසියට කොටින්ව පාර්ලිමේන්තුවට ගේනවා. මෙහෙ ඉන්නවා නම් අැයි අපි එහෙ ඉන්නවට විරද්ධ වෙන්නේ. (නදී)
මේ අයට තැන දීමෙන් වෙන්නේ ඒ රටවලත් එල්. ටී. ටී සංවිදාන බිහිවීමයි. පස්සේ කනවෝ කියනවා. (නදී)
ඉන්ද්‍රා, එය එසේම වේවා කියාමමපතනවා. (අ)
ඔය මොන කතා කිව්වත් දෙමළ රජයන් ලංකාවේ අතීතයේත් හීනයක්ම වුණා වගේ අනාගතයේත් උන්ට හීනයක්ම පමණි.එක උන්ට තේරෙන්නේ නැති එක උන්ගේ පවක්.(ම) .
සදුනි , පුදුම කඩේ යාමක්නේ ඔයා යන්නේ! (නි)
ඔය රටේ ගොඩක් ඉන්නේ ලංකාවේ පුරවැසියන් නොවේ. ඒ නිසා ඕවා එච්චර ගණන් ගන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)
ඔව් අනේ. හදාගන්නකෝ ඔය ඊලම කැනඩාවේ. හොඳ රටක්නේ. එහේ හදා ගන්න. අපට නිදහසේ ඉන්න දීලා. (හේ)
නමට විතරක් වැඩ කරන උදවිය පාර්ලිමේන්තුවට හරි යාවිද සඳුනි ? (නදී)