මධ්‍යම අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙංගෝවේ රන් ආකරයක ඊයේ (16) සිදු වූ අනතුරකින් ඒ තුළ සිටි සේවකයෝ 60 දෙනෙක් පණ පිටින් වැළැලූණහ. ආකරය තුළට පස් කඩා වැටී ඇත්තේ එහි ආධාරක බිඳී යෑමෙනි. අනතුර සිදුවෙද්දී ආකර සේවකයන් මීටර් 100 පොළොව යට සිටි බව එරට ඔකාපී රේඩියෝ සේවය වාර්තා කළේය. අනතුර සැලවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව ද වාර්තා විය. අනතුර සිදුවූ ආකරය පිහිටා ඇත්තේ ඔරියෙන්ටේල් ප‍්‍රාන්තයේ මම්බාසා පළාතේය. අනතුර සම්බන්ධයෙන් හෝ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් හෝ කොංගෝ රජය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් නිිකුත් කර නැත.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd