කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීම යන චෝදනාවලට අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ, කොංගෝ කැරැලි නායක තෝමස් ලූබන්ගා පෙරේදා (14) වරදකරු වූයේය.
ඒ අනුව නෙදර්ලන්තයේ හේග් නුවර මූලස්ථානය කොටගත් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ, යුද අපරාධකරුවකු ලෙස වරදකරු වූ පළමු වැන්නා වන්නේ 51 හැවිරිදි තෝමස් ලූබන්ගාය.
විනිසුරුවරුන්ගේ තීන්දුවට අනුව වසර 30 ක හෝ ජීවිතාන්තය තෙක් හෝ සිරදඬුවම් විඳීමට ලූබන්ගාට සිදුවනු ඇතැයි වාර්තාවේ.
යුද අපරාධවලට දරුවන් යොදා ගන්නා සටන්කාමීන්ට සහ කැරැලිකරුවන්ට මෙය හොඳ පාඩමක් වනු ඇති බවත් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළ බවත් ඇමෙරිකාව පවසයි.
1
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd