ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පැතිරී යන ලැව්ගිනි හේතුවෙන් කෝලා සතුන් සිය ගණනක් මරණයට පත්වීමේ අවදානමක් උද්ගතව තිබේ.
හෙක්ටයාර 2000 ක පමණ ලැව්ගිනි පැතිරී ඇති මෙම ප්‍රදේශය කෝලා සතුන්ගේ ප්‍රධාන අභිජනන භූමියක් වෙයි.
මෙම තත්ත්වය ජාතික ඛේදවාචකයක් ලෙස ද සත්ව විශේෂඥයෝ හඳුන්වති.
කෝලා සතුන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින අතර වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වීම, රෝගාබාධ වැළඳීම හා කාලගුණ වෙනස්වීම් වැනි හේතු ඊට බලපා ඇත.
ඕස්ට්‍රේලියාවේ වනාන්තර තුළ මේ වන විට සිටින කෝලා සතුන් සංඛ්‍යාව 43,000 ක් පමණ වෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර පසුගිය මාස කිහිපය තුළ ලැව්ගිනි සිය ගණනක් මෙම ප්‍රදේශයෙන් වාර්තා විය.
(බීබීසී ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලභයා යනු ක්ෂිරපායි සත්තු විශේෂයක් වන අතර ශරීරයේ ලක්ෂණ වන්නේ ශරීරය දිගින් 2634ක් වේත් ඒ වගේම ප්‍රධාන ආහාරය යුගය ප්ලීස් පස් ශාකයක් වෙනවා. ඔස්ට්‍රේලියාවේ වනාන්තර මේ වන විට වන විට කෝලා සතුන් මධවීමේ තර්ජනයක් ඇති වෙනවාවෙනවා. ඒවා මේකේ සඳහන් වෙලා නැහැ