ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවසක ඇතිවූ ගින්නකින් කුඩා ළමුන් තිදෙනකු මියගොස් ඇත.
සිඩ්නි නගරයේ සිට කිලෝමීටර් 200ක් පමණ වයඹ දිගින් පිහිටි සිනිග්ලෙටන් නගරයේ නිවසක් මෙලෙස ගිනිගෙන ඇති බව පොලිසියි පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 11ක් වයසැති පිරිමි දරුවකු සහ අවුරුදු පහක් වයසැති දැරියන් දෙදෙනකි.
අවුරුදු අටක දැරියක සහ අවුරුදු 31ක කාන්තාවක අසල්වාසීන් බේරාගෙන රෝහල් ගතකර ඇත.
නිවසේ හයදෙනෙකු වාසය කර ඇතැයි පැවසේ.
ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd