IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවේ දරුවන්ට එන්නත් දීම ප්‍රමාදයි

වයස අවුරුදු 11 ට අඩු දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව නොමැති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා කියා සිටී.

මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොවිඩ් වෛරසය බලපාන ආකාරය වෙනස් මට්ටමක පවතින බව පර්යේෂණවලින් තහවුරු වී ඇති බැවින් ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔස්ට්‍රේලියා  අගමැතිවරයා පෙන්වා දේ.

නිරෝගී කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාව අඩු බවත්, ආසාදිත කුඩා දරුවන්ගෙන් වැඩිහිටියන්ට වෛරසය පැතිරීම ඉතා අවම මට්ටමක තිබෙන බවත් පර්යේෂකයන් සදහන් කරති. මේ නිසා බොහෝ රටවල් තවමත් ළමුන්ට එන්නත් ලබාදීමට නිර්දේශ කර නොමැත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බවත්, ළමුන්ට එන්නත් ලබාදිය යුතු බවට වෛද්‍ය නිර්දේශ ලද වහාම කඩිනමින් එන්නත්කරණය සිදු කිරීමට සූදානම් බවත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කරයි.

(ගාඩියන්)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ දරුවන්ට එන්නත් දීම ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site