IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔස්ට්‍රියාවේ හිම කඳු කඩාවැටීම්වලින් 6ක් මිය යති

ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයේ ස්ථාන දෙකක සිදුවූ හිම කඳු කඩාවැටීම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

සල්ස්බර්ග් සිට කිලෝමීටර් 80  පමණ ගිනිකොණ දෙසින් පිහිටි කඳුකර ඩච්ස්ටයින් කලාපයේ හිම කඳු කඩාවැටීමකින් චෙක් ජාතිකයන් පස්දෙනෙකු  දී මියගොස් තිබේ.

අනෙක් හිම කඩාවැටීම දකුණු කැරින්ටියා කලාපයට බලපෑ අතර, එයින්  33 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගියේය. ඔහු පුහුණු අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි අයෙකු බව වාර්තා වේ.

ඩච්ස්ටයින් කඳු වැටියේ  හිම කඳු කඩාවැටීමවලින් විපතට පත් පුද්ගලයන් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් 7 කින් සහන ‍සේවකයින් 100දෙනෙකු පමණ යැවූ බව කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී හෙරිබට් අයිස්ල් මහතා පැවසීය.

"ඩච්ස්ටයින්හි උතුරු පැත්තේ  ඇතුළුවීමේ ස්ථානය ආසන්නයේ දී හිම කඳු කඩාවැටී තිබෙනවා. අපි අපගේ සියලු කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා යැවූ නමුත් අවාසනාවකට සතුටුදායක ආරංචියක් ලැබුණේ නැහැ" යැයි අයිස්ල් මහතා පැවසීය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඔස්ට්‍රියාවේ හිම කඳු කඩාවැටීම්වලින් 6ක් මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site