ඇමරිකා ජනපති බැරක් ඔබාමා සිය ජපන් සංචාරයේදී ජී7 සමුළුවට එක්ව සිටින අතරතුර අද (27) හිරෝෂිමාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරයකු සංචාරය කරන පළමු අවස්ථාව එය ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ දෙවැනි ලෝක යුද්ධ සමයේ 1945 වසරේ අගෝස්තු 6 වැනිදා ඇමරිකා හමුදා ගුවනින් හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමෙන් පසුවයි. එයින් හිරෝෂිමාවේ එක් ලක්ෂ හතළිස් දහසක් පමණ මිය ගිය අතර එහි තනා ඇති යුද ස්මාරකය නැරඹීමටද ඔබාමා යාමට නියමිතය.
මේ අතර එම බෝම්බ ප්‍රහාරයෙන් දුකට පත්වූ හිරෝෂිමා වැසියන් ගේ දුක පිළිබඳ ඔබාමා අවබෝධයක් ලබනු ඇතැයි හිරෝෂිමා වැසියන් අපේක්ෂා කරන බව එරට පුවත් සේවා කියයි.
ජනපති ඔබාමා කියා සිටියේ පරමාණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව නොඉල්ලන බවත් නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ගෞරව කරන බවත්ය. එසේම ඔබාමා ජපන් මාධ්‍ය හමුවේ පැවසූයේ පැරණි මතක සටහන් මගින් මිත්‍ර රාජ්‍යයන් අතර බැඳීම වඩාත් දැඩිකරගත හැකිවනු ඇති බවයි.
COMMENTS
අපේ කට්ටියට තියෙන අමාරුව ජපනුන්ටවත් නැහැ. (නි)
සෑම් මහතා කිව්වා වාගේ, ඇමරිකාව එකල ඔවුන් සැදූ පරමාණු බෝම්බය කොහොමද කියා පරික්ෂාවට ලක් කළේ ජපානයට එය දැමිමෙන්. එයට හේතු සාධක ඇමරිකාවම සොයා ගත්තා. එදත් අදත් ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල යුද්ධ ඇති කරමින්, තම නිෂ්පාදන අතහදා බලනවා. විකුණනවා. ලෝකයේ බලවත් රටවල් සියල්ල කරන්නේ මුදල් සොයන්න මේක තමා (නි)
ලැජ්ජයි! මගේ තාත්තගේ නමත් සෑම්. තමන්ගේ අභිමානය රැකගැනීමට උත්සාහ කළ රටකට වඩා අශිෂ්ට ලෙස තම බලය පෙන්වීමට ගිය රටක් මොහුට උසස් විදිහට පේනවා. අධිරාජ්‍යවාදී ගැත්තන් (නි)
පරමාණු ප්‍රහාරයෙන් ඇත්තටම ජීවිත බේරුණා හිරෝෂිමාවට බෝම්බ නොගහන්න ජපන්නු දෙවැනි ලෝක යුද්ධය තව අවුරුදු ගාණක් ගෙනියනවා. ඔවුන් යටත් වෙලා ලෝක යුද්ධය ඉවරයිනේ මේ බෝම්බය නිසා (බ)
බෝම්බය කොහොමද කියලා බලාගන්න දැම්මා මිසක් යුරෝපයට දාන්න හිතුවේ නැහැ. මොකද ඔවුන් ආවේ යුරෝපයෙන් නිසා. හරි නම් දාන්න ඕනෑ ජර්මනියට (නි)
ජපානයට පරමාණු බෝම්බය දාන්න හේතුව ඇමරිකාවට තම බලය පෙන්වීමට තිබුන අවශ්‍යතාවය මිස ජපානය යටත්කර යුද්ධය අවසාන කිරීම නොවෙයි. ජපානයේ සම්පුර්ණ යුධ බලයම විනාශ වී, යටත්වීමට සුදානම් බව දැනගත්තායිනුත් පසුවයි හිරෝෂිමා/නාගසාකි බෝම්බ දැම්මේ. නමුත් ජපනුන්ගේත් තියන ජාතිවාදී සහ අහංකාර මානසිකත්වය නිසා යුධ බලය නැති වූ විටදීවත් යටත් නොවී සිටීමෙන් ඔවුන් ඉල්ලන් කෑවා කියලත් කියන්න පුළුවන් (නි)
අනුන්ගේ රටවල් ව්‍යාකූල කිරීමේ කැත පුරුද්ද දැන්වත් මොවුන් අත්හැරිය යුතුය. (නි)
සෑම්, හිරෝෂිමාවට බෝම්බ දැම්මේ ඔවුන් යටත්නොවන බව දැනගත් නිසයි (නි)
ඇමරිකාව රටවල් ව්‍යාකූල කරනවා කිව්වට දකුණු කොරියාව වගේ රටවල් පවතින්නේ ඇමරිකාව නිසයි (නි)
ඔබාමා සමස්ත ලෝක වාසින්ගෙන්ම සමාව ගත යුතුයි පහුගිය වකවානුවල ඇමරිකාව සිදුකළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව (බ)