අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් ජාතිය ඇමතීමේ කතාව පසුගියදා සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝකයේ බලවත් ආර්ථිකය තමන් සතු බව ඔබාමා එම කකාවේ දී කියා ඇත.
ඔහුගේ කතාව විනාඩි දෙකකට සීමා වීම විශේෂත්වයක් බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.
‘මගේ කතාවේදි ලබන වසර ගැන කතා කරන්න මට අවශ්‍ය නෑ. මට ඕනෑ ඊළඟ අවුරුදු පහ, ඊළඟ අවුරුදු දහය සහ ඉන් එහාට අවධායනය යොමු කරවන්නයි.‘ යැයි ඔබාමා කීවේය.
‘‘අපි හැමෝටම ඕන අනාගතයක්. අපේ පවුල්වලට අවස්ථාවක් සහ ආරක්ෂාවක්. ගුණාත්මක භාවයෙන් යුත් ජීවිතයක් ඕනෑ. අපේ දරුවන්ට තිරසාර සාමකාමී ලෝකයක් අවශ්‍යයි. මේ සියල්ල අපට ළඟා කර ගන්න පුළුවන්. ඒ සියල්ල ළඟා කර ගන්න වෙන්නේ අපි එකමුතු වෙලා වැඩ කළොත් පමණයි. ඒ සඳහා තාර්කික ප්‍රායෝගික සාකච්ඡා පැවැත්විය යුතුයි. අපි අපේ දේශපාලනය හදා ගත යුතුයි.එසේ කළොත් පමණයි අපේ අරමුණුකරා ළඟා විය හැක්කේ.‘‘
COMMENTS
පුළුවන් තරම් ත්‍රස්තවාදීන් බිහි කරන්න උදව් කරලා දැන් ලෝකයට තිරසාර සාමයක් පතනවා. (බ)
ඇසළ, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාව නැත්නම් ලෝකය ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා හුඟක් කල් (නි)
ලංකාව බේරාගැනීමට මෙතුමාගේ රජය කළ උදවු අපිට අමතක නැහැ (නි)
ඇසළ වගේ අය ග්‍රීන්කාඩ් දෙනවා නම් ඇමරිකාවට යන්නේ නැතුව ඉඳියි (නි)