මිනිසෙකු එවරස්ට් කඳු මුදුනට ලඟා වීමේ ඓතිහාසික අවස්ථාවට අවුරුදු හැටක් සම්පූර්ණ වීමනිමිත්තෙන් ඊයේ දිනයේ නේපාලයේ උත්සව පැවැත්වුණි.
එවරස්ට් කඳු මුදුනට ළඟා වූ පළමු මිනිසුන් දෙදෙනා වන්නේ, නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ටෙන්ෂින් නොර්ගේ ෂර්පාවරයායි.
ඔවුන් විසින් තබන ලද ඓතිහාසික වාර්තාව සැමරීම වෙනුවෙන් නේපාලයේ කඳුකර මැරතන් ධාවන තරඟයක් සහ එවරස්ට් කන්ද පාමුල පිහිටුවා තිබෙන කඳවුර පිරිසිදු කිරීමක් සංවිධානය කර ඇත.
අවුරුදු හැටකට පෙර තැබූ ඉහත කී ඓතිහාසික පියවරින් අනතුරුව, අද වනවිට පන්දහසකට අධික කඳු නගින්නන් එවරස්ට් ගිරි ශිකරයට ලඟා වී ඇතැයි වාර්තා වේ.
එහෙත් එවරස්ට් තරණය කරන්නන්සීමා කිරීමට නේපාල රජය තීරණය කර ඇති බැව් ද විදෙස් ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd