හිසට සෙවණක් නොමැතිව ඉබාගාතේ යන්නන් ආ ගිය  සිටි තණ පිට්ටනියකට කුකුළු මළ දැමූ නගර සභාවක් ගැන කැනඩාවේ ඇබොට්ස්ෆෝර්ඞ් නගරයෙන් වාර්තා වේ.

ඉබාගාතේ යන්නන් මුළු නගරයටම හිසරදයක්ව ඇතැයි පවසන නගරාධිපතිවරයා ඔවුන්ට නගරය එපා කර පළවා හැරීමේ අරමුණින් මේ පියවර ගත්බව පවසයි.සියල්ල සිදුකෙරී ඇත්තේ රහසිගතවය.

කෙසේ හෝ ප‍්‍රාදේශීය පුවත්පතක් කුකුල් වසුරු දැමීමේ සැබෑ අරමුණ සොයාගෙන නගරවාසීන් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම නිසා දැන් නගරාධිපතිවරයි සිටින්නේ සියලූදෙනාගේ දෝෂදර්ශනයට ලක්වය.නගර සභාවේ නොහැකියාවට අසරණ මිනිසුන් වගකිව යුතු නැතැයි නගරවාසීන් බහුතරයකගේ අදහස වී තිබේ.

විරෝධය හමුවේ ප‍්‍රසිද්ධියේ සමාව ගැනීමටද නගරාධිපතිවරයා කටයුතු කර ඇත්තේය.එහෙත් ගැටලූවට හරිහමන් විසදුමක් ඔහු තවමත් ඉදිරිපත් කර නොමැත.