IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එන පොට හොංකොං නුවරට හොඳ නැතිලු

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි බැස සිටින හොංකොං හි ජනතාවත් තම ප්‍රතිපත්ති වෙනස් නොකර දැඩිව සිටිනා බීජිං බලධරයිනුත් 1989 වසරේ චීනයේ ටියැන්නෑම් චතුරස්‍රයේ සිදුවූවාක් මෙන් මහා මිනිස් සංහාරයකට මග පාදනු ඇත්දැයි ලොව රටවල් බිය පළකරයි.

හොංකොං හි පාලකයා තෝරා ගැනීමට 2017 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට තරග කළ හැක්කේ අතීතය ගැන සිදු කෙරෙන සම්පූර්ණ සොයා බැලීමකින් පසු සුදුසු යැයි තීරණය කෙරෙන පුද්ගලයින්ට පමණක් යැයි චීනය නිවේදනයක් නිකුත් කර තිබීම මෙසේ ජනතාව වීදි බැසීමට හේතුව වී තිබේ.

ඔවුන් පවසන්නේ වසර 25 ක චීන පාලනයට යටත්ව සිටි තමන්ට එයින් යම් තාක් දුරට හෝ මිදී ස්වාධීන වීමට ලැබී තිබෙන අවස්ථාවද චීනයට වුවමනා හැටියට වෙනස් කරන්නට බීජිං බළධාරීන් උත්සාහ කරන බවයි.

සිදුකරන බව කියන සම්පූර්ණ පරීක්ෂාවෙන් පසු තෝරාගැනෙනු ඇත්තේ වෙනස් මතයන් දරන පුද්ලයින් නොව චීනයට සතුටු විය හැකි ක්‍රියාකාකරම් වල නිරතව සිටි, චීනයට ගැතිකම් කරන රූකඩ වැනි පුද්ගලයින් යැයි ඔවුහු චෝදනා කරති.

චීනයේ තීරණය විරෝධය පළ කරමින් මුලින්ම හොංකොං හි ශිෂ්‍ය ප්‍රජාව වීදි බැසි අතර දැන් ඔවුන්ගේ සහයට වැඩකරන ජනතාවද පැමිණ ඇත.

දින ගණන් නිවාඩු දමා උද්ඝෝෂණ සදහා සහභාගී වීමට පැමිණ ඇති ඔවුන් ඉල්ලන්නේ ඕනෑම අයෙකුට මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

උද්ඝෝෂණ නිසා හොංකොං හි ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන මෙන්ම බැංකුද මේ දිනවල වසා දමා ඇත.

පොලිසිය උද්ඝෝෂකයින් පාලනය කිරීමට කදුළු ගෑස් මෙන්ම බැටන් පොලූ ප්‍රහාරයන්ද එල්ල කළ අතර පසුගිය රැයේ සිට උද්ඝෝෂකයින් දහස් ගණනින් එක් රැස්වන්නට පටන් ගත් තැන දැන් පොලිසියද සිටින්නේ පසුබැසය.

වැහි කබා, කිමිදුම් කණ්නාඩි, මුහුණු ආවරණ පැළැදගෙන ජනතාව වීදි බැස සිටිති.

කුඩ ඉහළා ගෙන කදුළු ගෑස් ප්‍රහාර වලින් ආරක්ෂාවීමට තැත් දරන ඔවුන් මුල් කරගෙන බටහිර මාධ්‍ය මෙය හදුන්වා ඇත්තේ ‘‘කුඩ විප්ලවය‘‘ ලෙසය.

චීනය උද්ඝෝෂකයින් මැඩලීමට හමුදා බලය යොදවනු ඇතැයි ආරංචියක් පැතිර තිබෙන අතර උද්ඝෝෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදහස් පළකර ඇති බටහිර රටවල් කිහිපයකටම චීනය දැනුම් දී ඇත්තේ තම රටේ සිදුවන දේ වලට ඇඟිලි නොගසන ලෙසයි.

මෙම උද්ඝෝෂණය කලකට පසු චීනයේ ආඥාදායක පාලන ක්‍රමයට මුහුණදීමට සිදුව ඇති ප්‍රබලතම අභියෝගය බව පැවසේ. හොංකොං ජනතාව තම ඉල්ලීම දිනාගතහොත් එය චීනයේ සිටින ක්‍රියාකාරීන්ටද හොද උත්තේජනයක් වනු ඇතැයිද එවිට ඔවුන්ද එක්රැස්වී සමස්ථ චීන පාලනටම අභියෝග කරනු ඇතැයිද විචාරකයින් පෙන්වා දේ.

කෙසේ වුවත් හොංකොං හි සියලූ දෙනා උද්ඝෝෂණයට සහය දක්වන්නෝ නොවෙති. ඇතැමෙකු පවසන්නේ කෙසේ හෝ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව චීනය ලබාදී ඇති නිසා එයින් හැකි පමණ ප්‍රයෝජන ලබා ගත යුතුව ඇති බවයි.

උද්ඝෝණයන්ගේ නිශ්ඵල බව තමන් දකින නිසා ඊට සහභාගී වීමෙන් වැළකී සිටින බව ඔවුන් කියයි.

Hong-Kong1-AFP-Getty Police-officers-AFP-Getty RTR47W38 RTR47ZYVv2 RTR480EH



අදහස් (0)

එන පොට හොංකොං නුවරට හොඳ නැතිලු

රාජිත Tuesday, 30 September 2014 08:43 AM

ලෝකේ ප්‍රශ්න විසදන්න අපේ ප්‍රශ්න විසදා ගෙන ඉන්න ඕනේ (දී)

:       0       0

උදයංග Tuesday, 30 September 2014 04:35 PM

අපගේ මව්බිමට එරෙහි සතුරු බලවේග පරදවමු. අපිටත් කවදා හෝ හොන්කොන්ග් වැසියන් කරන දේ කරන්න සිදුවේවි. (දී)

:       0       0

සමන්ති Wednesday, 01 October 2014 01:03 AM

අපිත් ඉල්ලන් කයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 30 September 2014 06:07 AM

ලෝකය පාලනය කරන මහලොකු ඇමරිකන් හා බටහිර රටවල් කොයිකද චීනෙට අතදාන්නේ කියල බලා ඉමු. එයාලගේ ගෙම්බෙර් තිබෙන්නේ අපි වගේ පොඩි උන්ට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site