ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල පාගමනක් පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. බටහිර ලන්ඩනයේ මෙන්ම දකුණු ලන්ඩනයේද ඒ සදහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබිණි.

යුරෝපිය සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග එංගලන්තයේ ජාතිවාදී ප්‍රහාර රාශියක් සිදුවිය. පෝලන්ත සංස්කෘතික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය.

ඉන්පසුව මෙම ජාතිවාදී විරෝධී පාගමන් සහ විවිධ ක්‍රියාකාරකම් සදහා රාජ්‍ය ආයතන මෙන්ම ජනතාවද එක්විය. ලොවම එක පවුලක් බව මෙම පාගමනට එක්වූ හැමස්මිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩි ස්ලෝටර් පැවසිය.

පොලිස් වාර්තා වලට අනුව ජුනි 24 සිට ජුලි 5 දක්වා කාලයේ  වාර්ගික හෝ ආගමික වෛරය හේතුකොටගෙන   ගැටුම් 771ක් සිදුව තිබේ.  මේ සදහා එරට විශාල ජනකායකගේ ආශීර්වාදය සහ කැමැත්ත ලැබී තිබෙන බවත් ඒ වෙනුවෙන් කරන අරගලයට විශාල සහයක් ලැබෙන බවත් සදහන් වේ.

යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු යුරෝපා පුරවැසිභාවය හිමි ජනතාවට මෙන්ම සුළු ජාතීන්ට විශාල තර්ජනයක් එල්ල විය. ඔවුනට තම රටින් පිටවෙන ලෙසත් ඔවුන්ට අයිති රට වෙත යන ලෙසත් කියමින් සමහරු ගැටුම් ඇති කළහ.