එංගලන්තයේ පාරිසරික ක්‍රියාකාරීන්ගේ සංවිධානයක් වන Extinction Rebellionහි සාමාජිකයෝ, ගිනි නිවන රථයක ජල උපකරණ යොදාගනිමින් ව්‍යාජ රුධිර ප්‍රවාහයක් අද(03) එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි මූල්‍ය අමාත්‍යංශය ඉදිරිපිට හෙළමින් විරෝධතාවක් පැවැත්වූහ.
කාලගුණික විපර්යාස වෙනුවෙන් බ්‍රිතාන්‍යය දක්වන පරස්පර විරෝධී ස්වභාවයට විරෝධය පළකිරීමක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරිණි.
ලීටර 1,800ක පමණ ධාරිතාවක් මෙහිදී මුදාහැර ඇතැයි පැවසේ.
කාලගුණ බිඳවැටීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන නායක රටක් ලෙස සිටිමින්, විශාල ධනස්කන්දයක් පොසිල ගවේෂණයට යොදවන බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලගුණ තත්වයට දක්වන නොගැළපිලි සහගත ප්‍රතිචාර අවධාරණය කිරීම මෙම විරෝධයේ අරමුණ බවද ඔවුහු කීහ.
‘බ්‍රිතාන්‍ය භාණ්ඩාරයේ රුධිරයයි ඔවුන්ගේ අත්වල ගෑවිලා තියෙන්නේ’යැයිද ඔවුහු පැවසූහ.
මෙම සංගමයේ නිලධාරීන් රතු දියරය ගොඩනැගිලි සහ වීදි පුරා ඉහිරවූහ. පසුව ක්‍රියාකාරීහු සිව්දෙනෙක් කලු පැහැ වස්ත්‍රවලින් සැරසී ගිනි නිවන රථය මත නැග ‘කාලගුණයේ මළගමට අරමුදල් යෙදවීම නවත්වන්න’ යැයි ලියූ ප්රචාරක පුවරු ප්‍රදර්ශනය කළහ.
ලන්ඩනයේ වූ ගිනි නිවන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන් පැමිණ තිබුණේ තම ඒකකයට අදාළ ගිනි නිවීමේ රථයකින් නොවන බවයි.
(සී එන් එන් ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෘතීම වර්ණකාරක ගලාගෙන ගිහිල්ලා පරිසරයට හානි වෙන්නේ නැද්ද?