එක්සත් ජනපද හමුදා විසින් සෝමාලියාවේදී එල්ල කළ ප්‍රහාරයකින් අන්තවාදීන් 35 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතියෝපියානු දේශසීමාව අසලදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර මියගිය අන්තවාදීන් අල්-ෂබාබ් අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට අයත් පිරිසක් බව වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව අල්-ෂබාබ් ත්‍රස්තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය.
මෙම වර්ෂය තුළ ඇමෙරිකානු හමුදා මෙවැනි ගුවන් ප්‍රහාර 16 ක් එල්ල කර ඇත.
පසුගිය සෙනසුරාදා එල්ල කර ගුවන් ප්‍රහාරයකින් අල්-ෂබාබ් අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තයන් භාවිතා කළ මුර පොළවල් හතරක් ඉවත් කිරීමට සමත් විය.
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදවිය අන්තවාදීන් කියන්නේ මොන මිම්මකින් මැනලද? අපරාධකරුවන් නෙවෙයිනම් එක මතයකට පක්ෂව කතාකරන එකත් මැරුම් කන්න තරම් වරදක්ද?