එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී ජෙරී ෆෙල්ට්මන් මහතා අද (5) හදිසියේම උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. මෙය දුර්ලභ සිද්ධියක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උසස් නිලධාරියකු වසර හයක කාලයක් තුළ උතුරු කොරියාවේ කිසිම කටයුත්තකට නිල වශයෙන් සහභාගි වී නොමැති බවත් පැවසේ.
හිටපු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු වන ෆෙල්ට්මන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම නිලයක් දරන ඇමරිකානු ජාතිකයා ද වේ.
ෆෙල්ට්මන් මහතා උතුරු කොරියාවේ දින තුනක් ගත කිරීමට බලාපොරොත්තු වන අතර එහිදී උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනකු හා සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
කෙසේ වුවද ඔහු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු නොවනු ඇතැයි පැවසේ.
දිගින් දිගටම සිදු කරන මිසයිල අත්හදාබැලීම් හමුවේ උතුරු කොරියාව ජාත්‍යන්තර දෝෂාරෝපණයට ලක්වෙමින් පවතින අවස්ථාවක සිදුකරන මෙම සංචාරය ඉතා වැදගත් වනු ඇතැයි ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
(බීබිසි පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
480
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් ජාතීන්ගේ ඉහළ නිලධරයෙක් උතුරු කොරියාවේ සංචාරයක