IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එකම තිඹිරිගෙට යන ලෙමන් මෝරා

ලෙමන් මෝරා ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂය ලොව කොතැනක සිටියත් පැටවුන් බිහිකිරීම සඳහා බහමාස් රාජ්‍යයට අයත් බිමිනි දූපතට පැමිණෙන බව පර්යේෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ ලෙමන් මෝරාගේ ගැහැනු සතුන් තමන් උපන් ස්ථානයේ දී ම සිය පැටවුන් බිහිකරන බවයි.

මෝරුන්ට මුහුදේ ස්ථිර ස්ථානයක් නැත. සාගරය පුරා ඔවුන් පිහිනා යයි. පවුල් වශයෙන් ජීවත් වන මෝරුන්ගේ පැටවුන් වසර හයක් පමණ සම්පූර්ණ වෙද්දී පවුල අතහැර සහකරුවන් සහකාරියන් සොයා යයි. එසේ ගිය ද ඔවුන් සිය පැටවුන් බිහිකිරීම ස
ඳහා තමන් උපන් බිමට ම පැමිණීම විශේෂත්වයකි.

පර්යේෂකයන් පවසන්නේ ලෙමන් මෝරා සිය පරපුර බිහිකිරීමට බිමිනි දූපත අවට මුහුද තෝරාගන්නේ සැමන් මසුන් සහ කැස්බෑවුන් සිය බිත්තර දැමීමට තමන් උපන් ස්ථානයට ම  යන ආකාරයට බවයි.

මෝරන්ගේ මෙවන් හැසිරීමක් වාර්තා වී ඇත්තේ ලෙමන් මෝරුන් බිමිනි දූපතට පැමිණීම පමණක් ම බවයි. මේ සඳහා 1990 සිට බිමිනි දූපත අවට උපන් පැටවුන් හා ඔවුන් යළි එහි පැමිණීම නිරීක්ෂණය කැර ඇත.

ලෙමන් ගෙඩියක පොත්තේ ඇති ස්වරූපයෙන් දුඹුරු පැහැයට හුරු කහ පැහැයක් සහිතව වළ ගැසුණු සමක් තිබෙන බැවින් මේ මෝරා ලෙමන් මෝරා නම් වී ඇත. සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ මුහුද පත්ලේ වැලි යට නිසොල්මන්ව වැතිරී සිටිමින් සතුරන්ගෙන් බේරීමට පහසු වන ආකාරයෙන් මේ මෝරාගේ වර්ණය ලැබී ඇති බවයි.

නිවර්තන කලාපීය නොගැඹුරු මුහුදු තීරයේ කොරල්පර, ගංඟා මෝය හා කලපු ආශ්‍රිතව ජීවත් වීමට මේ සතුන් පුරුදුව සිටියි. ඔවුන් බිමිනි දූපත් වටා ඇති උණුසුම් ජලය සහිත නොගැඹුරු මුහුදු තීරයේ ඔවුන්ට ඇති තරම් ආහාර ඇත. ලෙමන් මෝරුන්ට තරබාරු සිරුරක් තිබේ. සපා කෑමේ දක්ෂයෝය. මුහුදේ සැතපුම් සිය දහස් ගණන් දුර ගෙවමින් පිහිනා ගිය ද ඔවුහු තමන් උපන් ස්ථානය කිසිදා අමතක නොකරති.

පර්යේෂකයන් පවසන්නේ මෙවැනි සුවිශේෂී හැසිරීමක් වාර්තා වී ඇත්තේ ලෙමන් මෝරුන්ගෙන් පමණක් බවයි. අනෙක් මෝරුන් ද එලෙස තමන් උපන් ස්ථානය ම පැටවුන් බිහිකිරීම සඳහා තෝරාගන්නේ දැයි නොදන්නා බව ද ඔවුන් පවසයි.

මෙම ගැහැනු සතුන්ට තමන් ගැබ් ගත් කාලයත්, පැටවුන් බිහි කිරීමට යා යුතු ස්ථානයට යාමට ගතවන කාලය හා දුර ප්‍රමාණයත් නිසිපරිදි ගණනය කැර ගමන් අරඹා නියමිත පරිදි පැමිණීමට තරම් දක්ෂතාවක් ඇත. බිමිනි දූපත ලෙමන් මෝරුන්ගේ තිඹිරි ගෙයයි. පරම්පරා කිහිපයක් ගතවුව ද තම මී මිත්තනියන්ගේ තිඹිරි ගෙය ම සොයා යාමට ලෙමන් මෝරුන් දක්වන්නේ පුදුමාකාර හැකියාවකි.

අපි වරක් මේ දූපත අවට දී එක් මෝර පැටියෙක් සළකුණු කළා. ඒ කාලයේ ඇමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන්. ටික කාලෙකින් මේ සත්ත්වයා දක්නට ලැබුණේ නැහැ. වසර කිහිපයකට පසු අපිට ඒ මෝර පැටියා නැවත හමුවුණා. ඒ වනවිට මේ මෝරා වැඩුණු සත්තවයෙක් ඒ වගේම ගැබ්බරව සිටියා. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා.

බහමාස් රාජ්‍යය මෙම දූපත අවට මුහුදු තීරය මෝර අභයභූමියක් ලෙස නම්කැර තිබේ. වසරකට මේ මෝර අභයභූ‍මියෙන් බහමාස් රාජ්‍යය උපයන මුදල ඩොලර් කෝටි 800කි.



අදහස් (0)

එකම තිඹිරිගෙට යන ලෙමන් මෝරා

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 08:01 PM

සහෝදර වරුනි , මට ඡන්දය දුන්නොත් හදනවා බිමිනි වල ලෙමන් මෝරා මාතෘ සයනයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site