උමඟක් හාරා ඉරාක බන්ධනාගාරයෙන් පැන යෑමට අල් කයිඩා රැඳෙවියන් පිරිසක් ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බන්ධනාගාරයේ නියාමකවරු ඊයේ (6) සමත් වූහ. අල් කයිඩා රැඳෙවියන් පිරිස පැන යෑමට උත්සාහ ගෙන ඇත්තේ අබු ඝරාබී බන්ධනාගාරයෙනි. ඉරාකයේ සිරගෙවලින් රැඳෙවියන් පැන යෑම සුලබ දෙයකි. ඊට හේතුව බන්ධනාගාරවලට නිසි ආරක්ෂාවක් නොලැබීමය. ඉරාක ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වන අල් කයිඩා සාමාජිකයන් බොහෝ දෙනා බන්ධනාගාර ගත කර ඇති අතර සමහරු පොලිස් ස්ථානවල රඳවා සිටිති. තම සගයන් මුදා ගැනීමේ අරමුණින් අල් කයිඩා සටන්කාමීහු ඉකුත් සතියේ බැග්ඩෑඞ් නුවර පොලිස් මූලස්ථානයකට ද ප‍්‍රහාරයක් එල්ල කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd