IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු කොරියා රොකට්ටුව බිම හෙලන්න ජපානය සූදානම්

උතුරු කොරියාව උඩුගුවනට යැවීමට සැරසෙන රොකට්ටුව තම ගුවන් සීමාවට පැමිණියහොත් පහර දී එය බිම දැමීමට පසුබට නොවන බව ජපන් අගමැති යුෂිහිකෝ නෝඩා පවසයි. උතුරු කොරියාව එම රොකට්ටුව ගුවන් ගත කිරීමට සැරසෙන්නේ එළැඹෙන 12 වැනිදා සිට 16 වැනිදා අතර දිනයකදීය. ඒ, උතුරු කොරියා නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 100 වැනි ඡුන්ම දින සැමරුම නිමිත්තෙනි. ඇමෙරිකාව චෝදනා කරන්නේ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන් ගත කිරීමේ මුවාවෙන් දිගු දුර මිසයිලයක් අත්හදා බලන බවය. එහෙත් උතුරු කොරියාව පවසා ඇත්තේ තමන් උත්සාහ ගන්නේ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට බවත් කාගෙන් විරෝධය එල්ල වුවත් තමන් එම කටයුත්ත නතර නොකරන බවත්ය. එම රොකට්ටුව තම ගුවන් සීමාව උල්ලංඝනය කළහොත් පහර දී බිම දමන බව දකුණු කොරියාව ද පසුගියදා අනතුරු ඇඟවීමක් කළේය.



අදහස් (0)

උතුරු කොරියා රොකට්ටුව බිම හෙලන්න ජපානය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site