IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධූරය රි සොන් ග්වොන්ට

උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය ධුරය හෙබවූ රි යොන්ග් හෝ මහතා වෙනුවට රි සොන් ග්වෝන් මහතා පත් කර ඇතැයි දකුණු කොරියාවේ ‘එන්.කේ’ පුවත් සේවය වාර්තා කරයි.

දකුණු කොරියාවේ එන්.කේ. පුවත් සේවය සාමාන්‍යයෙන් උතුරු කොරියාවේ සිදුවීම් සම්බන්ධයෙන් ඉතාම හොඳින් දැනුවත්ය. උතුරු කොරියාවේ ආරංචිමාර්ග කිහිපයක් උපුටා දක්වමින් එන්.කේ. පුවත් සේවය එම පුවත වාර්තා කර තිබේ.

නව විදේශ අමාත්‍යවරයා ලෙස පත් කර සිටින රි සොන් ග්වෝන් ‘රට සාමකාමී ලෙස යළි එකතු කිරීම සඳහා වූ කමිටුවේ’ හිටපු සභාපතිවරයා ය වන අතර 2018 වසර මුල පැවැති උතුරු-දකුණු කොරියානු සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.

‘එන්.කේ’ පුවත් සේවය උතුරු කොරියාව සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන වෙබ් අඩවියක් වන අතර එරට සම්බන්ධයෙන් පුවත්වලට අමතරව විශ්ලේෂණ ද ඉදිරිපත් කරයි.

එම වෙබ් අඩවියට අනුව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය මේ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා කර නැත. මෙම පත්වීම රටේ ප්‍රධාන දේශපාලන සංශෝධනයේ කොටසක් යැයි ද මෙය රටේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇතැයි ද ‘එන්.කේ.’ පුවත් සේවය වාර්තා කරයි.

මෙම පත්වීම ලබන බ්‍රහස්පතින්දාට හෝ ඊට පෙර හෝ තහවුරු කළ හැකි යැයි ද එම පුවත් සේවය වාර්තා කර ඇත. උතුරු කොරියාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්ගේ උත්සවයක් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.  

මෙම වෙනස්වීම් සම්බන්ධයෙන් සමීපව සහ ඉතා වුවමනාවෙන් මෙන්ම පරෙස්සමෙන් සොයා බලන බව දකුණු කොරියාවේ ‘එක්සත් කිරීම්’ අමාත්‍යාංශය සඳහන් කළේය. උතුරු කොරියානු කටයුතු සම්බන්ධයෙන් සොයා බලන දකුණු කොරියානු අමාත්‍යාංශය වන්නේ ‘එක්සත් කිරීම්’ අමාත්‍යාංශයයි.

උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි ආයුධ අත්හරින්නැයි බල කරමින් ඔවුන් සාකච්ඡාවලට ගෙන්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උත්සාහ කළද බොහෝ අවස්ථාවලදී ඒවා අසාර්ථක විය.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය ධුරයේ සිදු වූ වෙනස්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.රි යොන්ග් හෝ උපත ලැබුවේ 1956 වසරේදීය. හෙතෙම 2016 වසරේ සිට 2018 වසර දක්වා නිව්යෝක් නුවර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලට සහභාගී විය. එහෙත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නිව්යෝක් නුවර පැවැති ලෝක නායකයන්ගේ වාර්ෂික හමුවට ඔහු එක් නොවීය.
උතුරු කොරියානු පාලක පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ හමුවක් ජනවාරි මස මුලදී පැවැත්විණි. එහිදි සමූහ ඡායාරූපයක් ද ගෙන තිබූ අතර එම ඡායාරූපයේ ද රි යොන්ග් හෝ සිටියේ නැත. මේ නිසා උතුරු කොරියානු ආරක්ෂක අංශවල, කැබිනට් මණ්ඩලයේ සහ අනෙකුත් අංශවල සංශෝධන රැසක් සිදුවෙන්නේ යැයි ද ‘එන්.කේ’ පුවත් සේවය වාර්තා කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ චීනයට පත් කර සිටි උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් නැවත වරක් ප්යොන්ග්යැන්ග් නුවරට කැඳවා ඇතැයි බීජිං අගනුවර ආරංචිමාර්ගයක් උපුටා දක්වමින් දකුණු කොරියාවේ ‘යොන්හැප්’ පුවත් සේවය වාර්තා කර තිබිණි. එම රාජ්‍ය තාන්ත්‍රිකයන් සෙනසුරාදා දිනයේදී උතුරු කොරියාවට පැමිණ ඇති බව ද එම ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබිණි.

උතුරු කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ආයුධ සම්බන්ධයෙන් සාකච්ඡා කරන උපායමාර්ගික ගිවිසුම නැවත විමසා බලනු ඇති බවට ද දැනගන්නට ලැබී තිබේ.

චීනයේ උතුරු කොරියානු තානාපති ජී ජායි රියොන්ග් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කරන සිටින උතුරු කොරියානු නියෝජිත කිම් සොන්ග් සෙනසුරාදා උදෑසමන බීජිං ගුවන් තොටුපොළෙන් ප්යොන්ග්යැන්ග් වෙත ගමන් කළ බව ‘යොන්හැප්’ පුවත් සේවය ඔවුන්ගේ ආරංචිමාර්ගය උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

තවත් උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ම නැවත ප්යොන්ග්යැන්ග් නුවරට කැඳවා ඇති බව එම පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.

රි යොන්ග් හෝ ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැක්කෙකු ලෙස ප්‍රකටය. හෙතෙම ප්යොන්ග්යැන්ග් නුවර කීර්තිමත් විදෙස් භාෂා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවකු වන අතර ඉහළ පෙළේ තනතුරු රැසක් හොබවා ඇත. ඔහු බටහිර රටවල් සමඟ සබඳතා පැවැත්වීමට සිදුවන ඉහළ පෙළේ තනතුරු රැසක්ම හොබවා ඇත.

ඔහු 2003 වසරේ සිට 2007 දක්වා ලන්ඩනයේ උතුරු කොරියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය ද හෙබවීය. මේ වනවිට අක්‍රීයව පවතින ‘උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන’ 
පිළිබඳ සාකච්ඡාවලටද ඔහු එක්විය. පාර්ශව හයකින් සමන්විත වූ එම සාකච්ඡාවලට ඔහු එක්වූයේ උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලෙසය. 
 
රොයිටර්ස්
 
055



අදහස් (0)

උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධූරය රි සොන් ග්වොන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site