එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව භාවිත කරන ලද බැලැස්ටික් මිසයල සහ රසායනික අවි වැඩසටහන් සිරියාවට යවා ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.
මිසයිල තාක්ෂණවේදීන් ද උතුරු කොරියාවේ සිට සිරියාව වෙත ගොස් ඇතැයි ද තහනම් කරන ලද බැලැස්ටික් මිසයිල පද්ධති මියන්මාරයට ද ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති. උතුරු කොරියාව වෙත පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම කරුණු අනාවරණය කරගනු ලැබ තිබේ.
වසර 2012 සිට 2017 දක්වා කාලයේදී වාර්තා නොවූ අවස්ථා 40කදී තහනම් කරන ලද බැලැස්ටික් මිසයිල, වෙනත් අවි ආයුද යනාදිය උතුරු කොරියාවේ සිට සිරියාව වෙත නෞකා මගින් ගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ එම විශේෂඥ කමිටුව අනාවරණය කරගෙන තිබේ.
බැලැස්ටික් මිසයිලවලට අමතරව උතුරු කොරියාවෙන් එවන ලද රොකට් විදින, ගොඩබිම සිට ගුවන විදින මිසයිල යනාදිය දක්වෙන මියන්මාර රිසිට් පතක් ද හමු වූ නම සඳහන් නොකළ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ද තොරතුරු අනාවරණය කර තිබිණි.
උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් පසුගිය වසරේ මාස නවයකදී එක්සත් ජනපද ඩොලර් මිලියන 200කට ආසන්න ආයුද නීතිවිරෝධී ලෙස සිරියාවට සහ මියන්මාරයට අපනයනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තවදුරටත් අනාවරණය කරගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් අනාවරණය කරගත් තොරතුරු දැක්වෙන වාර්තාවක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමත් සමඟ එම කරුණු ප්‍රසිද්ධියට පත්විය.
055

2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
314
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාව භාවිත කරන මිසයල වැඩසටහන් සිරියාවට යවලා