ජිනීවාහිදීය (රොයිටර්)
උතුරු කොරියාවට ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය අද (10) අනතුරු ඇඟවීය.
මේ වනවිට උතුරු කොරියාව තුළ උණුසුම් වායු ප්‍රවාහයක් ඇති වී තිබෙන අතර මේ හේතුවෙන් සහල්, ඉරිඟු සහ අනෙකුත් බෝග වගාවලට හානි සිදුවනු ඇතැයි ද ඒ හේතුවෙන් දරුණු ව්‍යසනයක් ඇති වීමේ අවදානමක් ඇතැයි ද රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය (අයි.එෆ්.ආර්.සී) සඳහන් කළේය.
ලොව විශාලතම ආපදා සහන ජාලය ලෙස සැලකෙන ’අයි.එෆ්.ආර්.සී’ය උතුරු කොරියාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයකට පත්වනු ඇතැයි ද අනතුරු අඟවයි. වසර 1990 දී උතුරු කොරියාවට බලපෑ සාගතයෙන් මිලියන 3ක් ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර මෙවර ඊටත් වඩා අවදානමක් ඇතැයි ද සම්මේලනය සඳහන් කළේය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නිසා එරටට පනවා තිබෙන ජාත්‍යන්තර සම්බාධක නිසා තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී නිවේදනයක් නිකුත් කරමින් රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය (අයි.එෆ්.ආර්.සී) එම කරුණු සඳහන් කළේය.
පසුගිය ජූලි මාසයේ සිට උතුරු කොරියාවට වර්ෂාව ලැබී නැති අතර නැවත වැසි ලැබෙනු ඇත්තේ මේ මස මැද භාගයේදී බව පැවසේ.
උතුරු කොරියාවේ උණුසුම මේ වනවිට සෙල්සියස් අංශක 39ක සාමාන්‍යයක් වාර්තා කර ඇතැයි ද වාර්තා වේ.
උතුරු කොරියාවේ වත්මන් ජනගහනය මිලියන 25ක් වන අතර එයිනුත් වැඩි පිරිසක් විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකය.
- 055
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරු කොරියාව ආහාර අර්බුදයක් අබියස