උතුරු කොරියාව චන්ද්‍රිකාවක් යැවීමට සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
චන්ද්‍රිකාවක් දියත් කරන බව පවසමින් උතුරු කොරියාව ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් තවදුරටත් වැඩි කිරීමට උත්සාහ කරන බවට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ අවධාරණය කරති. න්‍යෂ්ටික අවි ආයුද සහිත රෙජීමයක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ මෙම උත්සහාය ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් ආවරණය කරගැනීමට කෙරෙන උපායක් යැයි ද නිරීක්ෂකයෝ කියති.
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක රැසක් පනවා තිබේ. එම සම්බාධකවලට හේතුවෙන් උතුරු කොරියාවට චන්ද්‍රිකා ද ඇතුළුව බැලැස්ටික් මිසයිල තාක්ෂණය සහිත කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩක් නොමැත.
කැමරා, දුරකතන සන්නිවේදන උපකරණ සහිත චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උතුරු කොරියාව සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
උතුරු කොරියාව මීට පෙර 2016 වසරේ පෙබරවාරි මාසයේදී ක්වැන්ග්ම්යොන්ග්සෝන්ග් 4 යනුවෙන් නම් කරන චන්ද්‍රිකාවක් දියත් කරන ලදි. එය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමක් යැයි ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකාශ කළේය. චන්ද්‍රිකාවක් දියත් කරන මුවාවෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ජාත්‍යන්තර ප්‍රජාව එම අවස්ථාවේදී තවදුරටත් අවධාරණය කළේය.
ඒ.එෆ්.පී 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියවෙ උත්සහය සාර්ථක වේවා. අනික රටවල සම්බදක හමුවේ නොසාලි සියින එකම රටට තමන්ගෙ උන්සහය කිරිමට හැකියාව ලබේවා. උතුරු කොරියාවට පිඩනය වැඩි කිරිම හේතුවෙන් උතුරු කොරියනුවන් නව නිෂ්පාදන කරනවා. මේක ලංකාවේ අයට කරන්න බරි ඇයි. අපේ රට උතුරු කොරියවේ වගේ නායකයෙක් ලැබී නැති එක ගැන කනගාටු වෙනවා.