IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාවෙන් චන්ද්‍රිකාවක් උඩුගුවනට

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් යැවීමට සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
චන්ද්‍රිකාවක් දියත් කරන බව පවසමින් උතුරු කොරියාව ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් තවදුරටත් වැඩි කිරීමට උත්සාහ කරන බවට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ අවධාරණය කරති. න්‍යෂ්ටික අවි ආයුද සහිත රෙජීමයක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ මෙම උත්සහාය ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් ආවරණය කරගැනීමට කෙරෙන උපායක් යැයි ද නිරීක්ෂකයෝ කියති.
 
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක රැසක් පනවා තිබේ. එම සම්බාධකවලට හේතුවෙන් උතුරු කොරියාවට චන්ද්‍රිකා ද ඇතුළුව බැලැස්ටික් මිසයිල තාක්ෂණය සහිත කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩක් නොමැත.  
 
කැමරා, දුරකතන සන්නිවේදන උපකරණ සහිත චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උතුරු කොරියාව සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. 
 
උතුරු කොරියාව මීට පෙර 2016 වසරේ පෙබරවාරි මාසයේදී ක්වැන්ග්ම්යොන්ග්සෝන්ග් 4 යනුවෙන් නම් කරන චන්ද්‍රිකාවක් දියත් කරන ලදි. එය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමක් යැයි ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකාශ කළේය. චන්ද්‍රිකාවක් දියත් කරන මුවාවෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ජාත්‍යන්තර ප්‍රජාව එම අවස්ථාවේදී තවදුරටත් අවධාරණය කළේය.
 
ඒ.එෆ්.පී 055 
 



අදහස් (1)

උතුරු කොරියාවෙන් චන්ද්‍රිකාවක් උඩුගුවනට

amila Wednesday, 27 December 2017 07:49 AM

උතුරු කොරියවෙ උත්සහය සාර්ථක වේවා. අනික රටවල සම්බදක හමුවේ නොසාලි සියින එකම රටට තමන්ගෙ උන්සහය කිරිමට හැකියාව ලබේවා. උතුරු කොරියාවට පිඩනය වැඩි කිරිම හේතුවෙන් උතුරු කොරියනුවන් නව නිෂ්පාදන කරනවා. මේක ලංකාවේ අයට කරන්න බරි ඇයි. අපේ රට උතුරු කොරියවේ වගේ නායකයෙක් ලැබී නැති එක ගැන කනගාටු වෙනවා.

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site