ඊශ‍්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට බෝම්බ හෙළීමේ උමතුවකින් කටයුතු කරතියි ඊශ‍්‍රායෙල විපක්ෂ නායක ෂවුල් මොෂාස් චෝදනා කරයි. ඔහු මේ බව සදහන් කළේ ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය මුල් කරගෙන පැවැත්වෙන ඡන්ද හමුවක් අමතමිනි. නෙතන්යාහු දුර දිග සිතා බැලීමකින් තොරව කටයුතු කරන බවත් මෙ නිසා ඊශ‍්‍රායෙලයට අත්වන්නේ විනාශය බවත් ඔහු අනතුරු අගවයි. බෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට දැඩි සේ විරෝධය දක්වන්නෙකි. ඉරානය සිය වැඩසටහනේ සැබෑ අරමුණු සගවාගෙන සිටීන බවත් අවශ්‍ය වුවහොත් ඉරානයට ප‍්‍රහාර එල්ල කිරීමට ඊශ‍්‍රායෙලය පසුබට නොවන බවත් හෙතෙම වරක් පැවැසීය. ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුව” මැතිවරණයක් පැවැත්විය යුතුයැයි බහුතර කැමැත්තෙන් තීරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.ඒ අනුව එළැඹෙන ජනවාරි යේදී මැතිවරණය පැවැත්වෙනු ඇත. අගමැති නෙතන්යාහු මෙවරද පහසුවෙන්ම ජයගනු ඇති බවට ලකුණු පළ විය. මේ නිසා කලබල වී ඇති විපක්ෂය මහා පරිමාණයෙන් සිය ඡන්ද ව්‍යාපාර කටයුතු කරගෙන යන අයුරු මේ දිනවල දැකගත හැකියි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑනේ අසිනි (ස)
මැදපෙරදිගින් ලැබෙන විදේශ විනිමයත්, කටාර්වල ශ්‍රී ලාංකිකයන්ගෙන් 75%ක් සිංහල වීමත්, යුද්ධ කාලයේදී මුස්ලිම් රටවල් දීපු සහයෝගයත්, ඉන්පසු එක්සත් ජාතීන් විසින් අප රට වැරදිකරු කර සිටියදී මුස්ලිම් රටවල් අප සමග එකට සිට අප වෙනුවෙන් ඡන්දය දී සෑම මොහොතකම අපට ආධාර කරන ඉරානය වගේ රටකට විරුද්ධව කෙසේනම් කටක් අරින්නද ? (නි)
නාපාවල, යුද්ධ කාලෙදි අපට උදවු කරපු රටවල් අතර ඊශ්‍රායලයත් ඉන්නවා. අපේ රටේ අය රැකියා කරන්නෙ මැදපෙරදිග විතරක් නෙමෙයි. අර අපි පැරදුණු මානව හිමිකම් ප්‍රශ්නෙදි ඡන්දය දීමෙන් වැළකී සිටි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6 සහ අපට විරුද්ධව ඡන්දය දුන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 2 අපට පක්ෂව ඡන්දෙ දුන්නා නම් ඇත්තටම ඇමරිකා යෝජනාව පරද්දන්නත් තිබුණා. අපිට උදවු නොකරන මුස්ලිම් කට්ටියත් ඉන්න නිසා බය නැතිව කට අරින්න. (නි)
ලෝකයේ මේ මොනවාද වෙන්නේ
ලෝකය ගැන හොයන්න කලින් අපි අපේ ප්‍රශ්න විසදා ගනිමු
ලංකාවට අල්ලපු රටම අපිට ඡන්දය දුන්නේ නැහැ. ඒත් මුස්ලිම් රටවල් 6ක්ම උදවු කළානේ. (නි)
අයියෝ සල්ලි කණගාටුයි
ඉස්සෙල්ලම සෞදි අරාබියට තමයි පහර දෙන්න ඕනි. ඒ කට්ටිය තමයි ලෝකේ වටේටම ත්‍රස්තවාදය පැතිරුනේ (ස)
ඉරානයට ගහන්න කියන්නකෝ. බලන්න මොකද වෙන්නේ කියලා. අසනි ඔයාගේ ටිකිරි මොලයට ඕවා වැටෙහන්නේ නෑ. (ස)
අසනී අනේ ඔය කියන කතාවේ සාධාරණයක් තියෙනවද?ජාති වාද අවුසන්න ගොඩක් අය ඉන්නවා එකෙන් ඔයත් එක්කෙනෙක් (ස)
අයියෝ සල්ලි
බෙන්ජමින්ලා වගේ මිනිසුන් නිසා තමයි ලෝකේ ප්‍රශ්ණ වැඩි වෙලා තියෙන්නේ (ස)
මහේෂ්, ඉතිං ඔයා මොනවද කියන්න හදන්නෙ. (ස)
මල්ලි මොකෝ සෞදියට ගහනකොට ඔච්චර බය ? බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා.සෞදිය කියන්නේ ගේමක් නැති රටක්. ඒක නිසා ඇමෙරිකාවට එචර වුවමනාවක් නැහැ එහෙට ගහන්න. ඔය අය තමා මුළු ලෝකයටම පිළිකාවක් වෙලා තියන්නේ. කොහොමත් ඔය ජාතිය අවස්ථාවාදී නිසා ලෝකෙන්ම වැනසිලා යායුතු කොටසක් කියලයි මම නම් කියන්නේ. එතකොට අනෙක් ජාතීන්ට සමගියෙන් ඉන්න පුළුවන් (නි)
සමන් මහත්තය ,ඊශ්‍රායලය අපට උදව් කල නිසාද කොටි ලඟ තිබී හසුවුණු ඊශ්‍රායලයේ නිෂ්පාදිත දියයට සිට ගුවනට එල්ල කළහැකි අධි බලැති ආයුධ සහ ගොඩබිමේ සිට ප්‍රහාර එල්ලකලහැකි අධි බලැති ආයුධ හමු උනේ .අපි ගෙයි ගෙම්බෙක් විය යුතු නැහැ. ගෙයි ගෙම්බව මොනතරම් අඩත්තේට්ටම් කරලා එලියට විසිකලත් ගෙයි පැත්ත හැරිලා තමයි වැටෙන්නේ. (ස)
අසිනි, මම හිතන්නේ ඔයා මැද පෙරදිග රටක පිගන් හෝදන්ඩ ගිහින් ඒ ගෙදර හොද නැතිව ආපු කෙනෙක් වෙන්න ඕන,එකනේ මේ රටවල් එක්ක මෙච්චර තරහ, (ස)
නාපාවල මහතා, ඔබට ඒය වැටහුණාට සමහර ජාතිවාදී අදහස් තියෙන අයගේ මොළය තියෙන්නේ ඇළේ. ඒවා තේරුම් ගන්න තරම් මොළ කළදක් ඒ අයට නැහැ. (නි)
නාපාවල කටාර් ,ඔය කියන ඊශ්‍රායලයේ නිශ්පාදිත ආයුධ හමුවුන බවට විස්තරයක් මම අසා නැහැ.විවිධ රටවල නිපදවූ උපකරණ එල්ටීටීඊය සතුව තිබුණා. එක්තරා රටක නිශ්පාදිත ආයුධ ඔවුන් සතුව තිබුණු පමණින් නිෂ්පාදිත රට කෙලින්ම සම්බන්ධ බව කියන්න බැහැ. රුසියාවේ නිශ්පාදිත ඉග්ලා මිසයිල කොටි ළග තිබීමෙන් අපට කියන්න පුලුවන්ද පුටින් ඒවා ප්‍රභාකරන්ට විකුණුවා කියලා. (නි)
ඉස්සෙල්ල ඉරානයට ..ඊට පස්සේ සෞදි අරාබියට... එටකොට තම එයාලව කොන්ට්‍රෝල් කරන්ට පුළුවන් .. සෞදිය ඉතින් ඇමෙරිකාව නිසා යහතින් ඉන්නවා...එත් බනින්නෙම ඇමරිකාවට .වාසි පැත්තට නේ කොහොමත් ඔය ජාතිය කෙරකෙන්නේ..(ස)
ඊශ්‍රායලය බුදුන් තෙවරක් වැඩම කළ දේශයක්. (නි)
මොහොමඩ්, 25% පමණ ලාංකික ගෘහ සේවිකාවන් මුස්ලිම්. (2001 දී). ලංකාවේ 9% පමණ ජීවත් වන මුස්ලිම් අය 25% ක් කාන්තාවන් මැදපෙරදිග යවනවනම් අසනි ගෘහ සේවිකාවක් වීමේ සම්භාවිතාවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා ඔයාගෙ සහෝදරියක් එහෙම වෙන ඵක.කඩේ සීනි කිරන ගමන් පොඩ්ඩක් හිතල බලන්න ඒ ගැනත්. (ස)
අයියෝ සල්ලි
නාපාවල ,රුසියාවේ නිෂ්පාදිත ඉග්ලා මිසයිල කොටි ලඟ තිබුණා. රුසියාව කොටින්ට ආයුධ වික්කද? (ස)
ආදර්ශයට ගන්න එපා කවුරුවත්