අයිඑස් ත්‍රස්තවාදීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකට හසුවූ මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි ඊජිප්තු නාවික හමුදාවට අයත් විමර්ශක යාත්‍රාවක් ගිණිදැල්වලින් වැසී ගියේය.
අයිඑස් සංවිධානය රොකට් ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන අතර සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ගොඩබිම සිට පැමිණි රොකට්ටුව මුහුදේ නවතා තිබූ යාත්‍රාවේ ගැටී පුපුරා ගිය බවයි.
යාත්‍රාවට ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ එහි භටයින් ගොඩබිම අයිඑස් සාමාජිකයින් හා වෙඩි හුවමාරුවක නිරතව සිටි බව ඊජිප්තු ආරක්ෂක අංශ බලධාරීහු කියති.
පුපුරා ගියද යාත්‍රාවේ සිටි කිසිවෙකුගේවත් ජීවිත අහිමිවීමක් සිදුව නොමැත.තුවාළ ලබා මුහුද මත පාවෙමින් සිටි භටයින් වහාම රෝහල් කරා ගෙන ඒමට ඊජිප්තු නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඊජිප්තුවේ ක්‍රියාත්මක අයිඑස් හිතවාදී අන්තවාදී සංවිධානයක් වන අන්සාර් බයිට් අල් මකුවාඩිස් කණ්ඩායමේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ලැබ ඊජිප්තුවටත් අයිඑස් සාමාජිකයින් සංක්‍රමණය වූයේ ගෙවුණු වසරේ නොවැම්බර් මාසයේදීය.
එවක පටන් ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් නිරතුරුව අන්තවාදීන් හා ගැටුම් වල නියැලෙන අතර පසුගියදා ටොන් එකක පමණ ඩයිනමයිට් තොගයක් පටවාගත් මෝටර් රථයක් පැදවූ මරාගෙන මැරෙන අයිඑස් අන්තවාදියෙකු ඔහුගේ ඉලක්කයට ළගාවීමට ප්‍රථමයෙන් වෙඩි තබා ඝාතනය කිරීමට ඊජිප්තු ආරක්ෂක අංශ සමත්විය.
![2A96662C00000578-3163910-image-m-31_1437054384577[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A96662C00000578-3163910-image-m-31_14370543845771.jpg)
![2A96661800000578-3163910-image-a-17_1437054116287[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A96661800000578-3163910-image-a-17_14370541162871.jpg)
![2A94ACD300000578-3163910-image-a-19_1437054135035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94ACD300000578-3163910-image-a-19_14370541350351.jpg)
![2A94D63000000578-3163910-image-a-23_1437054176046[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94D63000000578-3163910-image-a-23_14370541760461.jpg)
![2A96661E00000578-3163910-image-m-34_1437054680766[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A96661E00000578-3163910-image-m-34_14370546807661.jpg)
COMMENTS