ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් කෙටි සංචාරයක් සඳහා පෙරේදා(19) බොලිවියාවට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ වන සමුළුව මෙවර බ‍්‍රසීලයේදී පැවැත්වෙන අතර ඊට සහභාගීවීමට යමින් සිටි අතරතුර ඉරාන ජනපතිවරයා බොලිවියාවට පැමිණියේය.
එහිදී බොලිවියා ජනපති ඉවෝ මොරාලෙස් විසින් ලා පාස් හි පිහිටි එල් අල්ටෝ ගුවන්තොටුපළේදී ඉරාන ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ.
අනතුරුව ක්විමඩෝ ජනපති මැඳුරේදී රාජ්‍ය නායකයන් දෙපළ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡුා කළ බව බොලිවියානු විදේශ ඇමැති ඬේවිඞ් චොක්වෙහුවන්කා පැවැසීය.
ඉරානයට බටහිර බලවතුන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ජනපති අහමදිනේජාද් ලතින් ඇමෙරිකානු රටවල් සමඟ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාන ජනපති අහමදිනෙජාද් බොලිවියාවේ සංචාරයක
මදූ Thursday, 21 June 2012 01:16 PM
ආ.... ඔයා කොහෙද ගියේ කියල මම බැලුවා .ළඟදි මුකුත් අපිට කිව්වේ නෑනේ?