ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර අවසන් මොහොතේදී එම සැලසුම් අත්හැර දැමුවේ ඉරාන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.
ඉරානය ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන ගුවන් යානයක් බිම හෙළීමත් සමඟ දෙරට අතර අර්බුදය නරක අතට හැරුණු අතර ඉරානයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා අනුමැතිය දී තිබූ බව ද වාර්තා විය. එහෙත් අවසාන මොහොතේදී එම සැලසුම් අත්හැර දැමූ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඉරානයට ප්‍රහාර එල්ල නොකළේ එරට වැසියන්ගේ ජීවිත ආරක්ෂ කළ යුතු නිසා බවත් ප්‍රහාර එල්ල කළා නම් ඉරාන වැසියන් 150 දෙනකුට පමණ ජීවිත අහිමි වීමට තිබූ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. තමන් සාකච්ඡාවලට සූදානම් බව ද හෙතෙම කීය.
රොයිටර් ඇසුරිනි
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත සිඹිනවලු...
බැරි වැඩ නොකරන් අබරෝ...
අා ඔය කියන්නේ.. ගහන්න ප්ලෑන් කරලා තියෙන්නේ ජනතාව ඉන්න පැත්තම බලලයි..