ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානය අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් තරුණ ඉරාන විද්‍යාඥයකු ජීවිතක්ෂයට පත්වූ බව ෆාර්ස් නිව්ස් ඒජන්සිය කියා සිටී.
මියගිය න්‍යෂ්ටික විද්‍යාඥයා මොස්ටාෆා අහ්මඩි - රොෂාන් (32) ලෙස හඳුනාගෙන ඇති අතර, එම බෝම්බය ඔහුගේ වාහනයට සවිකර තිබූ බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
තෙල් කර්මාන්ත කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මොස්ටාෆා ඉරානයේ ”නටාන්ස්” යුරේනියම් බලාගාරයේ අවශ්‍යතාවයක් සඳහා පැමිණ ආපසු වාහනය වෙත යාමේදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇතැයි වාර්තාවෙයි.
මෙම බෝම්බය චුම්බක වර්ගයේ බෝම්බයක් බවත්, මීට වසරකට පෙර මෙවැනිම ආකාරයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයකු මරා දැමීම ගැන සිහිපත් වන බවත්, ඉරානයේ නියෝජ්‍ය ආණ්ඩුකාර සෆරාලි බරාට්ලූ උපුටා දක්වන ෆාර්ස් නිව්ස් ප‍්‍රවෘත්ති ඒජන්සිය පැවැසීය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ රියට බෝම්බය සවිකරන අයුරු තමා දුටු බවත්, බිය නිසා ඒ බව වගකිවයුත්තන්ට දැන්වීමට මැලි වූ බව, බෝම්බය පුපුරා යාමේ සිද්ධිය ඇසින් දුටු අයෙකු පැවැසීය.
මෙම වාහනය තුළ සිටි එක් අයෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවෙයි.
මෙම බෝම්බ සිද්ධිය ගැන ඊශ‍්‍රායලයේ, බි‍්‍රතාන්‍යයේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවලට, ඉරානය චෝදනා කර සිටී. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයන් මරා දැමීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි ඉරානය එම රටවලට දොස් පවරයි.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට
ශෂික Thursday, 12 January 2012 10:35 AM
ඇමෙරිකාවේ වැඩක්
ධම්මිකා Thursday, 12 January 2012 10:47 AM
ඇයි ඇමෙරිකාවට ඔච්චර බය?
රංජිත් Thursday, 12 January 2012 12:06 PM
බටහිරින් ඉරානය බේරා ගන්න ආසියාව පෙරමුණ ගත යුතුයි