ඉරානය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඇමෙරිකාවත් එකම ස්ථාවරයක සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මේ බව කියා සිටියේ පෙරේදා (16) ඊශ‍්‍රායලයේ සංචාරයකට පැමිණි ජෙරුසලමේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. ඉරානය ලෝකයට තර්ජනයක් වන අයුරින් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නම් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඉරානයත් එකම ස්ථාවරයක සිටින බව ඇය එහිදී අවධාරණය කළාය. ඉරානය ඔවුන්ගේ පරමාණු වැඩසටහනට මුවා වී න්‍යෂ්ටික අවි නිපදවන බවත් ඉරානය ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන බවටත් ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් චෝදනා කරයි.