ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊශ‍්‍රායලය තවමත් තීරණයක් ගෙන නැතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන්නේ නම් එසේ කළ යුත්තේ අවසන් විකල්පය හැටියට යැයි ද පැනේටා අවධාරණය කරයි. ඔහු මීට සති දෙකකට පෙර ඊශ‍්‍රායලයේ සංචාරයක යෙදී ඉරානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වූයේය. ඇමෙරිකාවත්, ඇමෙරිකාවේ රූකඩයක් යැයි ඉරානය විසින් හඳුන්වනු ලබන ඊශ‍්‍රායලයත් චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක වන බවය. ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැුසක් මේ වනවිට පනවා ඇත. ඊශ‍්‍රායලය පවසන්නේ සම්බාධක දැමීමෙන් පමණක් ඉරානය මට්ටු කළ නොහැකි බවය. මේ අතර ලෙබනනයේ සහ ඉරානයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් රැුසක් සිදුකිරීමට සැරසෙනවා යැයි ද ඊශ‍්‍රායල බුද්ධි අංශ පවසා ඇත. ඉරාන අර්බුදය විසඳීමට දේශපාලන කි‍්‍රයා මාර්ග අවශ්‍ය බවත් හමුදාමය මැදිහත් වීමක් කළහොත් මැදපෙරදිග කලාපයේ උග‍්‍ර අර්බුදයක් හට ගනු ඇති බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පෙන්වා දෙයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපල්ලා. ගහපල්ලා. හොදටම ගහපල්ලා. (නි)
අවස්ථාව ආවම තීරණයක් ගනීවි...ඊස්‍රායල් වලට ජය වේවා !! (ස)
රුවන් ඔයගේ අදහසට මමත් එකගයි..!(නු)
යුදෙවුවන්ගේ අවසානය අත ළගට පැමිණිලාවද්ද? (නි)
අද ලෝකයේ යම් ප්‍රශ්නයක් ඇත්නම් ඒ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානුවන් අතරය. (නි)
ඉරාණෙට ගැහුවොත් බහරේන් 17000ක් වන ලාංකික අපිට හිස් අතින් යන්න තමයි වෙන්නෙ.. පොඩ්ඩක් පැහැදිලි කරගෙන කතා කරන්න.. මේක හිතන තරම් ලෙහෙසි නැහැ.. ඉරාණයත් හොදයි ඊශ්‍රායලයත් හොදයි.. නයා මැරෙන්නෙත් නැහැ. පොල්ල කැඩෙන්නෙත් නැහැ..!!(නු)
අපෝ ඔයතරම් අගය කරන්න පුළුවං කොටසක් නෙමෙයි යුදෙව්වෝ.. හරිම ආත්මාර්තාකමී හැසිරීමට නොදන්න, තමන්ගෙ බඩම පුරවාගන්න කැමති දීමට ලෝබ, විද්‍යා දැනුමක් නැති අමුතුම කොටසක්.. අවි හදන්න විතරයි දන්නෙ..!!(නු)
පුලුවන් නම් ඉරානයට ගහලා බලන්නකෝ. (නි)
අපේ සිංහල ජාතිය කියන්නේ මහම නරක ජාතියක්. කිසිම කෙළෙහි ගුණ දන්නේ නැති ජාතියක්. අපේ රටේ මිනිසුන් කාලා බීලා හොදින් ඉන්නේ අරාබිකරේට පින් සිදු වෙන්න. අරාබියට ප්‍රශ්නයක් වුණොත් අපිට තමයි වදින්නේ. ජිනිවා වලදී අපිට ඡන්දෙ දුන්නේ අරාබි රටවල්. එක මතක තියා ගත්තොත් හොදයි. (නි)
සිංහලයෝ මුස්ලිම් අයට තියන වෛරය නිසා යුදවුවන්ගේ ගුණ කියනවා. හොඳ ගතිගුණයක්. ඉරානය ලෝකයට තර්ජනයක් නම් මොකටද අපි ඉරානේ සමග ඒ තරම් හොඳ? ලෝක සුභ සිද්ධිය ගැන මොකද ඊශ්‍රායලයට එච්චර කැක්කුම? දැන් සිංහලයන්ට තියෙන්නේ ඊශ්‍රායෙල් කාරයන් එක්ක එකතුවෙලා ලෝක මුස්ලිම් ප්‍රජාව නැතිකරලා දාන්න. ඔයාල උපතින්ම මෝඩයන් කියල දවස ගානේ ඔප්පු කරනවනේ! (නි)
මට හිතෙන්නේ ඉරානෙන් වත් ඇමරිකාව පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි කියලයි. ඉරානයට ජයවේවා! (නි)
ඊශ්‍රයලය ගැන දන්නේ නැහැ.. එහෙ මිනිස්සු ගොඩක් හොදයි.. ඊශ්‍රායලයට අත තියලා බලන්න මොකද වෙන්නේ කියලා.. ලෝකයේ ඉන්න හොදම මොලකාරයෝ එහෙ ඉන්නෙ..!!(නු)
අපි ඊශ්‍රායලට සමගයි. ඉතා ඉක්මණින් ඉරානයට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. (නි)
ඊශ්‍රායලයට පුලුවන් මුලු අරාබි රටවල් සියල්ලටම එකවර පහර දෙන්න. හොද මොළයක් ඇති සහ ප්‍රභල ආයුධ නිෂ්පාදනය කරන රටක්. පරමාණු බලයද ඇති රටක් මේක. (නි)
අපි ඊශ්‍රායලය සමග ඉන්නවා. ගහපන්.ගහපන්. (නි)
මම ඉරානය සමගයි. ලෝකයේ කවුරුන් අපව පහත් කළත් ඉරානය මිතුරකු ලෙසින් අප සමග හැමදාමත් හිටියා. (නි)