IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘ඉරානයට ඉදිරියේදී විශාල වන්දියක් ගෙවීමට සිදුවෙයි‘‘

ඉරානයට ඉදිරියේදී විශාල වන්දියක්ගෙවීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඉරාකයේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව ඉකුත් සති අන්තයේදී ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරවලින් සටන්කාමීහු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන් කෝපයට පත් විරෝධතාකරුවෝ පිරිසක් ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දුන්හ.

ඉදිරි දින කිහිපයේදී සෙබළුන් 750කට ආසන්න පිරිසක් ඉරාකයට යවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පැවැසීය.

“ඇමෙරිකානු පුරවැසියන්ගේ සහ ඇමෙරිකානු දේපළවල ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නවා. මෙම පියවර සුදුසු සහ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක්” යැයි හෙතෙම කීය.

ඉරාකයට සහ ඉරානයට ඇමෙරිකාවෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ බොහෝදෙනා කෝපයට පත්ව සිටිති. ඒ හේතුවෙන් මාර්ගබාධක නොතකමින් අධි ආරක්ෂිත කලාපයට කඩා වැදුණු විරෝධතාකරුවෝ එහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දුන්හ. ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ.

ඇතැම් විරෝධතාකරුවන් ඉරාන විප්ලවකාරී බළකයේ ජෙනරාල් කසීම් සොලෙයිමානීට පක්ෂපාතීව හඬ නැඟුවේ යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

තානාපති කාර්යාලයට පහර දුන්නේ ත්‍රස්තවාදීන් යැයි ද අබු මහ්දි අල් මුහන්දිස් ඉන් එක් අයකු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.

ඉරානයේ සහාය ලබන හෂීද් අල් ෂාබී සංවිධානයේ දෙවන්නා යැයි හඳුනාගෙන ඇත. පසුගියදා ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර එල්ල වූ කටයිබ් හිස්බුල්ලා සංවිධානය ද හෂීද් අල් ෂාබී කණ්ඩායමට ඇතුළත්ය.

ඉරාක සටන්කාමීන් මෙන්ම විරෝධතාකරුවෝ සිය ගණනක් දෙවැනි දිනටත්, බදාදා දිනයේදී තානාපති කාර්යාලයට ගල්මුල් ප්‍රහාර එල්ල කළහ. ඔවුන් පළවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර අත් බෝම්බ ඔවුන් වෙත එල්ල කළ බව ද වාර්තා විය.

ඇමෙරිකානු හමුදා ඉරානයෙන් ඉවත් වනතුරු අඛණ්ඩව විරෝධතාවල නිරත වන බව ද සිය ගණනක් විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ. එහාමෙහා කළ හැකි නානකාමර ද ඇතිව ඔවුහු කූඩාරම් 50කට ආසන්න සංඛ්‍යාවක් ද ස්ථාපිත කරගෙන සිටිති.

ඇමෙරිකානු තානාපති කාර්යාලය බැග්ඩෑඞ් නුවර විශාල භූමි ප්‍රදේශයක ස්ථාපිත කර තිබෙන අතර විරෝධතාකරුවන් මේ වනවිට ගොඩනැගිලි සංකීර්ණය ආසන්නයටම පැමිණ ඇතැයි ද වාර්තා විය. මේ අනුව විරෝධතාකරුවන් සහ තානාපති කාර්යාලය වෙන් කෙරෙන්නේ එක් තාප්පයකින් යැයි ද වාර්තා විය.

ඇතැම් විරෝධතාකරුවන් තුවාල ලැබූ අතර ගිලන් රථ පැමිණ ඔවුන් රැගෙන ගොස් ඇත. ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් තුවාල ලැබූ බව වාර්තා විය.  

සෙබළුන් 4,000කට ආසන්න ප්‍රමාණයක් ඉරාකයේ ස්ථාපිත කරන බව එස්පර්ගේ නිවේදනයට පෙර ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එහි ආරක්ෂාව සඳහා මැරීන් සෙබළුන්ගේ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් මේ වනවිටත් ඉරාකයට පැමිණ සිටී.

විරෝධතාකරුවන් ඇමෙරිකානු ධජයට ගිනි තබමින් විරෝධතාවල නිරත වූ අතර තානාපති කාර්යාලය පිවිසුම අසලින් ගිනිදැල් සහ දුම් වළා නැගෙන බව ද වාර්තා විය.

මේ සිදුවීම් දාමයත් සමඟ ඇමෙරිකාවත් ඉරානයත් අතර සබඳතා තවදුරටත් උග්‍ර අතට හැරී තිබේ.

ආරක්ෂක ලේකම් එස්පර්ගේ නිවේදනය ඇමෙරිකාව මැද පෙරදිග කලාපයට බළකා යැවීමට ගත් අලුත්ම පියවරයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේ ජූනි මාසයේදී ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේය. ඉන් අනතුරුව ඇමෙරිකාව ඉරානයට සම්බාධක ද පැනවීය. එතැන් පටන් දෙරට අතර අර්බුද උත්සන්න විය.

තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු යැයි චෝදනා කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකානු ජාතිකයකු මියගියහොත් දඬුවම් විඳීමට සූදානම් වන්නැයි ද අනතුරු ඇඟවීය.

“ජීවිතයක් අහිමි වුණොත්, හානි වුණොත් අපේ දේපළවලට මොනාහරි වුණොත් ඉරානය වගකියන්න ඕනේ” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කීවේය.

“ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි. එය අනතුරු ඇඟවීමක් නෙමෙයි. එය තර්ජනයක්. සුබ අලුත් අවුරුද්දක්” යැයි එහි දැක්විණි.

කෙසේ නමුත් ඉරානය සමඟ යුද්ධයකට යෑමේ අවශ්‍යතාවක් නැතැයි ට්‍රම්ප් වාර්තාකරුවන් හමුවේ පැවැසීය.

තමන් මේ සිදුවීම හසුරුවන බවත් එය “බෙංගාසි” සිදුවීමට ප්‍රතිවිරුද්ධ බවත් හෙතෙම කීවේය.

2012 වසරේදී ලිබියාවේ බෙංගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටි ඇමෙරිකානු ජාතිකයෝ සිවුදෙනෙක් මරුමුවට පත්වූහ. එම අවස්ථාවේදී රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කළ අතර ඔවුහු එවකට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද චෝදනා කළහ. හිලරි ක්ලින්ටන් ලිබියාවේ සිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වූයේ යැයි ද ඔවුහු චෝදනා කළහ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ ඇමෙරිකානු නිලධාරීන් කෝපයට පත්ව සිටින අවස්ථාවකදීය.

විරෝධතාකරුවන් තානාපති කාර්යාලය ආසන්නයට පැමිණීම ඇමෙරිකානු නිලධාරීන්ගේ එම කෝපයට හේතුවිය.

විරෝධතාකරුවන් පිරිසක් ඇමෙරිකානු තානාපති කාර්යාලයකට එතරම් සමීප වූයේ වසර ගණනකට පසුවය.

විරෝධතාකරුවන් තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරවලට පහර දෙන අයුරුද සජීවී විකාශවලින් දැකගන්නට ලැබිණි. ඔවුහු “ඇමෙරිකාවට මරණය” යනුවෙන් ද කෑගැසූහ.  

දැනටත් ශක්තිමත් දැඩි ආරක්ෂාවක් සහිත තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ පෙන්ටගනය ඉරාක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

හර්ෂණ තුෂාර සිල්වා
මිඞ්ල් ඊස්ට් අයි ඇසුරිනි 



අදහස් (0)

‘‘ඉරානයට ඉදිරියේදී විශාල වන්දියක් ගෙවීමට සිදුවෙයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site