ඉරාකයේ ප‍්‍රාන්ත දෙකක ඊයේ (20) මැතිවරණ පැවැත්වුණු අතර ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන්ගේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල විය.
මැතිවරණය පැවැත්වුණේ නිනේව් සහ අන්බාර් නමැති ප‍්‍රාන්තවල යැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ඉරාක සංග‍්‍රාමය අවසන් කර, ඇමෙරිකන් හමුදා එරටින් පිටවී ගියත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල කිසිදු අඩුවක් දකින්න නොලැබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.
ඉකුත් 18 වැනිදා බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරයකින් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
බෝම්බ ප‍්‍රහාරය එල්ල වුණේ අල් කහීරා මුස්ලිම් පල්ලියටය. එය සුන්නි මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ප‍්‍රහාරයක් යැයි ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය.