ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඉදිරිපිට පෙරේදා (19) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර එයින් ආධුනික පොලිස් භටයෝ 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරයට හසුවීමෙන් තවත් ආධුනික පොලිස් භටයන් 14 දෙනකු සහ පොලිස් නිලධාරීන් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ප‍්‍රහාරය එල්ල වෙද්දී පුහුණු ඇකඩමියට පිවිසීමට එහි ගේට්ටුව අසල ආධුනික පොලිස් භටයන් පෝලිම් ගැසී සිටි බව වාර්තා වේ. බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ ගේට්ටුවේ හැපුණු බවත් ඒ සමඟම මහා පිපිරීමක් සිදුවූ බව තුවාල ලැබූවෝ පවසති. ඇමෙරිකා හමුදා ඉරාකයේ සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කොට ඉකුත් දෙසැම්බර් මාසයේදී පිටවී යෑමෙන් පසු ඉරාකයේ සිදුවූ දෙවැනි දරුණුතම බෝම්බ පිපිරීම මෙයයි. ඉකුත් ජනවාරි 27 වැනිදා ද බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බ පිපිරීමකින් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එය සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකි. ඉරාකයේ මේ අයුරින් යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ සුන්නි මුස්ලිම් උප ජනාධිපති කරේක් අල් හෂේමී සහ ෂියා මුස්ලිම් අගමැති නූර් අල් මලිකි අතර අර්බුදයක් නිර්මාණය වී ඇති නිසාය. දැන් එය සුන්නි/ෂියා මුස්ලිම් ගැටුමක් තෙක් දුරදිග ගොස් ඇත. එම අර්බුදය හටගත්තේ ත‍්‍රස්ත කි‍්‍රයාවලට අනුබල දුන්නේ යැයි උප ජනාධිපති හෂේමීට චෝදනා එල්ල වීමත් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉකුත් දෙසැම්බර් මාසයේදී ඉරාක අපරාධ අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීමත් සමඟය. අගමැති නූර් අල් මලිකි පවසන්නේ උප ජනාධිපතිවරයා රජයේ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් ඝාතනය කිරීමට අල් කයිඩා සටන්කාමීන් සමඟ කුමන්ත‍්‍රණය කළ බවය. උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැති අතර ඔහු ඉරාක පාලනයට යටත් කුර්දිස්තානයට පලා ගිය අතර එහි සිටින සුන්නි මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව ඔහුට ලැබෙයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.